3.9 C
New York

ඡන්දය තියන්න යැයි ඉල්ලූ පෙත්සම, මුජිබර් ඉල්ලා ඇස්කර ගනී

Published:

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට රජය විසින් සිදුකරනු ලබන බාධා කිරීම් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර තිබූ පෙත්සම අද (14) ඉල්ලා අස්කර ගත්තේය.

ඔහු කොළඹ මහ නගර සභාවට සමගි ජන බලවේගයේ නගාරාධිපති අපේක්ෂකයා ලෙස තරඟකිරීමේ අපේක්ෂාවෙන් නාමයෝජනා භාර දී තිබිණි.  එම පෙත්සම ගොනුකර තිබුණි.

එම පෙත්සම විජිත් මළල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබිය. එම අවස්ථාවේ දී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය කරුණු දක්වමින් කියා සිටියේ මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශථාවක් නොමැති බවයි. ඒ අනුව පෙත්සම ඉල්ලා අස් කර‍ගැනීමට අවසර දෙන ලෙස හෙතෙම ඉල්ලීම් කළේය.

මුජිබුර් රහුමාන් ගොනු කළ එම පෙත්සම තුළින් සඳහන් කර තිබුණේ රජය විසින් මූල්‍ය පහසුකම් සැපයීම, ඇතුළු විවිධ කාරණා හරහා පළාත් පාලන ඡන්ද විමසීමට සිදුකරන බාධා කිරීම් හේතුවෙන් නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවයි.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබුණි.

Related articles

Recent articles

spot_img