spot_img

ඡන්දය නොතිබීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූවා යැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පුවත්

විදෙස්

පළාත් පාලන ඡන්දය මාර්තු 09 වැනි දා නොපැවැත්වීම හේතුවෙන් මූලිික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දුකරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේකය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ විසින් මේ පෙත්සම ඉදිරිපත් කර තිබේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය, පොලිස්පතිවරයා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන්, පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා වන අගමැති දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ඇතුළු 35 දෙනකු මෙහි වගඋත්තරකරුවන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles