6 C
New York

ඡන්දය නොතිබීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූවා යැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Published:

පළාත් පාලන ඡන්දය මාර්තු 09 වැනි දා නොපැවැත්වීම හේතුවෙන් මූලිික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දුකරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේකය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ විසින් මේ පෙත්සම ඉදිරිපත් කර තිබේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය, පොලිස්පතිවරයා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන්, පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා වන අගමැති දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ඇතුළු 35 දෙනකු මෙහි වගඋත්තරකරුවන් කර ඇත.

Related articles

Recent articles

spot_img