spot_img

යාලට ඇතුළු වූ විදේශිකයෙක් ආගිය අතක් නෑ

පුවත්

විදෙස්

මැලේසියානු ජාතික සංචාරකු යාල වනෝද්‍යානයේ දී අතුරුදන්ව ඇතැයි කිරින්ද පොලිසිය කියයි.

මෙම සංචාරකයා ඊයේ (24) කැබ් රථයක රියදුරා ද සමඟ වනාන්තරයට ඇතුළු වී තිබේ. මැණික් ගඟ මෝය  ආසන්නයේ දී රථයෙන් බැස මුහුද දෙසට ඇවිදගෙන ගිය ඔහු නැවත නොපැමිණි කැබ් රථයේ රියදුරා පොලිසියට ප්‍රකාශ කර ඇත.

යාල පලටුපාන වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ කිරින්ද පොලිසියේ නිලධාරීන් එක්ව අතුරුදන්ව සිටින එම සංචාරකයා සොයා මෙහෙයුමක් දියත් කර ඇත. ඔහු මුහුදට බැස ගිලී අතුරුදන් වූවා ද නැතිනම් වනෝද්‍යානයට ඇතුළු වී අතුරුදන් වූවා ද යන්න පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles