spot_img
spot_imgspot_img

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ විරෝධතාවට පොලිස් ප්‍රහාරයක්

පුවත්

විදෙස්

හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අන්තර් විශ්වවිද්‍යාලයේ භික්ෂු බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතා විසුරුවාහැරීමට පොලිසිය අද (22) ජලය සහ කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල ‍කළේය.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අදියර කිහිපයකට නැවත විවෘතකිරීමට තීරණය කර තිබුණු අතර එ සියලු සිසුන් සඳහා එකවිට විවෘත කරන්න යැයි ඉල්ලා අද විරෝධතාව සහ සත්‍යග්‍රහය සංවිධානය කර තිබිණි.

සත්‍යග්‍රහය සඳහා තාවකාලික අට්ටාලයක් ඉදිකිරීමට සූදානම්වීමත් සමඟ භික්ෂූන් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක් ඇතිවිය. පසුව විරෝධතාවයේ නිරත ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා එම ස්ථානයේ සත්‍යග්‍රහයක නිරතවිය. අනතුරුව ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් කඳුළුගෑස් සහ ජල ප්‍රහාර එල්ල කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!