spot_img
spot_imgspot_img

කොටුවේ උද්ඝෝෂණයට එරෙහිව පොලිසිය ගත් උසාවි නි‍යෝගය

පුවත්

විදෙස්

රජයේ බදු අයකිරීමට විරෝධය දක්වමින් වෘත්තීය සමිති ගණනාවක් විසින් අද (22) කොළඹ කොටුවේ සංවිධානය කර ඇති උද්ඝෝෂකයන්ට එරෙහිව අධිකරණයෙන් විශේෂ නියෝගයක් නිකුත්කර ඇති බව පොලිසිය එහි පැමිණ නිවේදනය කළේය.

උද්ඝෝෂකයන් කොටුව ප්‍රදේශයට එක්ව ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු වෙත් ගොඩනැගිලිවලට ඇතුළුවීමට සැළසුම් කර ඇතැයි කොටවු පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව එම විරෝධතා තහනම් කරන්න යැයි මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

උද්ඝෝෂකයින් හා මහජනතාව අතර ගැටුම්කාරී තත්ත්වයක් හා නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වීම මහජන පීඩාවක් ඇති විය හැකි බැවින් අද උදෑසන 11 සිට රාත්‍රි 7 දක්වා කොළඹ කොටුව ප්‍රදේශයේ මාර්ගවලට අවහිරතාවයක් සහ මහජනතාවට මෙන්ම මගී වාහන වාහනවලට බාධා කිරීම් නොකරන ලෙසට අධිකරණය ආඥාවක් නිකුත් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි. එමෙන්ම ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යංශය හා ගාලුමුවදොර පිටිය පරිශ්‍රය යන ස්ථානයන්ට ඇතුළු වීමෙන් වළකින ලෙසටත් පොදු හා පෞද්ගලික හානි නොකරන ලෙසටත් නියෝග කරමින් වගඋත්තරකරුවන් 9දෙනෙකුට හා ඔවුන් සමග සහභාගී වෙන වෙනත් තැනැත්තන් වෙත අධිකරණයෙන් එම ආඥාව නිකුත් කර ඇත.

බදු ප්‍රතිපත්තියට එරෙහිව වරාය, විදුලි, ඛනිජ තෙල්, බැංකු, සෞඛ්‍ය ඇතුළු වෘත්තීය සමිති විසින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්වූ විරෝධතාව මේ වනවිට අවසන් කර ඇත. එම වෘත්තීය සමිති විසින් ප්‍රකාශයට පත්කර තිබූ විරෝධතා සතියට සමගාමීව මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි. ඒ අනුව අද දහවල් 12.00ට කොටුව දුම්රියපොළ අසළට රැස්වූ විරෝධතා කරුවන් පැයක පමණ කාලයක් විරෝධතාවක නිරතවිය.

පොලිසියේ කොටුව ස්ථානාධිපතිවරයාට ලැබුණා යැයි පවසන තොරතුරේ සඳහන් වූ ආකාරයට විරෝධතාකරුවන් වෙනත් ස්ථානවලට ගමන් කිරීමක් හෝ දේපළවෙත හානි කිරීමක් හෝ මහජනතාවට පීඩාකාරී අයුරින් හැසිරෙන අයුරක් හෝ දක්නට ලැබුණේ නැත. උද්ඝෝෂණය පැවැත්වෙන කාලයේ දී කොටුවේ මාර්ගවල වාහන ධාවනයට බාධා එල්ල වී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!