spot_img
spot_imgspot_img

ගොවීන්ට කෝටි 800ක් බෙදද්දී නිලධාරීන් වැරදි ගිණුම් අංක දීලා

පුවත්

විදෙස්

වී වගා කරන ගොවීන්ට ආසියානු සංවර්ධන බැංකුවෙන් දුන් රුපියල්‍ කෝටි 800ක මුදල ලබාදීම සඳහා දුන් බැංකු ගිණුම්වලින් 38%ක් වැරදි බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් එච්.එම්.එල්.ඒ.අබේරත්න පවසයි.

ඇතැම් ගොවිජන සේවා නිලධාරීන් තවමත් තම බලප්‍රදේශවල ගොවීන්ගේ ගිණුම් අංක එවා නැති බව ද ඔවන්ට එරෙහිව විනයානුකූලව පියවර ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමෙන්තුවේ 20 දෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරගේ උපදෙස් මත පත්කිරීමට සිදුව ඇතැයි ද කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

වැරදි ගිණුම් අංක ලබාදීම සහ  ගිණුම් අංක ප්‍රමාදකිරීම නිලධාරීන් පිරිසක් විසින් හිතාමතා සහ සැළසුම් සහගතව සිදුකරන කාර්යයක් බව ද අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!