spot_img
spot_imgspot_img

නාවික සැපයුම් කරුවන්ගේ ක්‍රිකට් ශූරතාව Harbour Serve දිනාගනී

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා නාවික සැපයුම් කරුවන්ගේ සංගමය (The Ceylon Association of Shipping Agents – CASA) විසින් 24 වැනි වරටත් සංවිධානය කරන ලද පිළිමළුන් පිටුදැකීමේ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියේ ශුරතාවය දිනාගැනීමට හාබර් සර්ව් (Harbour Serve) කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකා නාවික සැපයුම් කරුවන්ගේ සංගමයේ සාමාජිකත්වය දරන සමාගම් 92ක් අතර පවතී තරගාවලියේ අවසන් මහා තරඟය සැලෝට ඉන්ටර්නැෂනල් (Salota international) කණ්ඩායම හා  හාබර් සර්ව් (Harbour Serve) කණ්ඩායම අතර පැවැත්වුණු අතර එහිදී ඔවුන් පරදා සඳරුවන් තිලකරත්න ගේ නායකත්වය යටතේ හාබර් සර්ව් (Harbour Serve) කණ්ඩායම ලකුණු 19 ක ජයග්‍රහණයක් ලබාගත්තේය.

පළමුව පන්දුවට පහර දුන් Harbour Serve පුද්ගලික සමාගම් කණ්ඩායම නියමිත පන්දුවාර 5 තුළදී ලකුණු 107 ක් කඩුලු දෙකක් පමණක් දැවී ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කල Salota international පුද්ගලික සමාගම් කණ්ඩායමට නියමිත පන්දුවාර 5 තුළදී ලබා ගැනීමට හැකිවූයේ කඩුලු 3ක් දැවී ලකුණු 88 කි.

පෙබරවාරි 11 සහ 12 දෙදින කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම ක්‍රිකට් තරඟාවලියට ප්‍රථම වරට සහභාගී වෙමින්  ක්‍රීඩා කල Harbour Serve කණ්ඩායමේ ඉන්දික ප්‍රියදර්ශන තරගාවලියේ  දක්ෂතම පිතිකරු කුසලානයත් අවසාන මහා තරගයේ වීරයා ලෙස ප්‍රවීන් වික්‍රමාධරත් කුසලාන දිනාගැනීමට සමත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!