spot_img
spot_imgspot_img

විදුලි ගාස්තු 66%කින් ඉහළට

පුවත්

විදෙස්

විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කර ඇති 66%ක විදුලි ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද (14) කීවේය.  

ඔහු කියා සිටියේ කොමිසමේ සභාපතිවරයා ලෙස තමන් යෝජනා කළේ 36%ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් බවයි. නමුත් ඊට  කොමිසමේ සෙසු සාමාජිකයන් තිදෙනා විරෝධය දැක්වීම නිසා තම යෝජනාව අනුමත නොවූ බවත්, ලංකා විදුලිබල මණ්ඩලය අපේක්ෂා කරන 66%ක විදුලි ගාසතු වැඩිකිරීම අනුමත කළ බවත් ඔහු කීවේය.

ඔහු පවසන්නේ කොමිසමේ අනෙකුත් සාමාජිකයන් තිදෙනා වන නිතිඥ චතුරිකා විජේසිංහ, ඩග්ලස් නානායක්කාර සහ එස්.ජී.සේනාරත්න නීති විරෝධී ලෙස ගාස්තු ඉහළ දැමීම අනුමත කළ බවයි. විදුලිබල මණ්ඩලය වාර්ෂිකව රුපියල් බිලියන 287ක අමතර බරක් පාරිභෝගිකයා වෙත පැවරීමමට ‍උත්සාහ ගත්ත ද තමන් එය බිලියන 142ක් දක්වා අඩු කළ බවයි. නමුත් අනෙක් තිදෙනා තම යෝජනාවට විරුද්ධ වී විදුලි පාරිභෝගියන් මත සම්පූර්ණ බර පැටවෙන සංශෝධනයකට අනුමැතිය ලබාදුන් බවයි.

ඒ අනුව නව ගාස්තු ක්‍රමය හෙට (15) සිට ක්‍රියාත්මක වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!