spot_img
spot_imgspot_img

බැසිල් අලුත් කරණමකට සැරසෙයි

පුවත්

විදෙස්

තම අනාගත දේශපාලන කටයුතු වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය පමණක් නොව පවතින සියලු බාධාවන් ඉවත්කරගැනීමට සූදානම් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

“මම සමත් ද, අසමත් ද කියන එක තීරණය කරන්න ඕනෑ රටේ ජනතාව. රටේ ජනතාවට හිරිහැරයක් නොවි මේ රටේ ආර්ථිකය හැසිරවීම සඳහා මාස කිහිපයක දී මා යම්කිසි උත්සාහයක් ගත්තා. රටේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් දිනක් හෝ ප්‍රමාද නොවී ලැබුණු පළමු අවස්ථාවේ දී ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීමට ආණ්ඩුව තීරණ කළා. අපේ ආණ්ඩුව බලයට පත්වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ රටේ ක්‍රියාත්මක වුණා. නමුත් එහි කොන්දේසි ඉටුකරන්න බැරි නිසා ආණ්ඩුව ඉන් ඉවත් වුණා. අරගලය කළේ සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලලා. ඒත් ඒ අය බලාපොරොත්තු වූ සිස්ටම් චේන්ජ් එක ලැබුණේ නැහැ. ඔවුන් හිතාගෙන හිටියේ පොහොට්ටුව නැවත ඡන්දයකට එන එකක් නෑ කියලා. ලක්ෂ 69ක් ඡන්දයෙන් පත්කළ ජනාධිපතිවරයා එළවා දමා ඇමතිවරු 11 දෙනෙක් ඉවත්වන තැනට වැඩ සළස්වලා නිවසා 700ක් පමණ ගිනිබත් කළා. අපි පළාත් පාලන ආයතන 255කට ඉදිරිපත් වෙනවා. මෙවැනි අවස්ථාවක අප සමඟ සිටි පොහොට්ටුවේ පිරිස් අතරමං කිරීමට මා සූදානම් නෑ, දේශපාලනය කිරීමට ද්විත්ව පුරවැසිභාවය බාධාවක්නම් මම එය ඉවත්කර ගන්නවා. ඇමෙරිකාවේ පුරවැසිභාවය විතරක් නෙවෙයි අනෙක් නීතිමය බාධාවන් සියල්ල ඉවත්කර ගැනීමට මම සූදානම්.” යනුවෙන් ද බැසිල් රාජපක්ෂ කීවේය.

පසුගිය අර්බුදකාරී වාතාවරණය හමුවේ බැසිල් රාජපක්ෂ මාධ්‍යයට කියා සිටියේ මෙම අර්බුදයට වගකිව යුතු වන්නේ තමන් ඇතුළු රාජපක්ෂලාට ඡන්දය දීපු මෙරට මහජනතාව බවයි. එමෙන්ම ඔහු මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කරන ලද 2022 අයවැය සඳහා වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර තිබූ බව ද  එය මෙරට ආර්ථික අර්බුදය වේගවත් කිරීමට හේතු වූ බවට ද චෝදනා එල්ල වී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!