spot_img
spot_imgspot_img

කිරි දානයට සූදානම් වූ නැනෝ තාක්ෂණ විද්‍යාඥයා අනතුරකින් මරුට

පුවත්

විදෙස්

කිරි දානයකට මල් රැගෙන සිය නිවසට එමින් සිටි නැනෝ තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයකු හොරණ කොළඹ පාරේ කුඹුක ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් අද (04) මියගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගෝනපොළ කුඹුක නැගෙනහිර පදිංචි විමුක්ති ප්‍රසාද් ජයවීර නමැති 37 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු හෝමාගම නැනෝ තාක්ෂණ ආයතනයේ සේවය කරයි.

මාස තුනක් වයසැති තම දරුවා වෙනුවෙන් පවත්වන කිරි දානයකට මල් රැගෙන ඒමට ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටිය දී කුඹුක ප්‍රදේශයේ අනාරක්ෂිත ලෙස දමා තිබූ මාර්ග බාධකයක ගැටීමෙන් සිදුවූ අනතුරින් ඔහු මියගොස් ඇත. පොලිසිය පවසන්නේ ටෙලිකොම් ආයතනය විසින් සිදුකරන සංවර්ධන කටයුත්තක් සඳහා කොන්ක්‍රීට් තට්ටුවක් මාර්ග බාධකයක් ලෙස දමා තිබී ඇති බවයි. මෝටර් රථයේ එයාර් බෑග් ක්‍රියාත්මක වීමේ දී එයින් විසිවූ ප්ලාස්ටික් කැබැල්ලකින් ඔහුගේ ගෙල තියුණු ලෙස කැපී ගොස් තුවාල ලබා සිටි බවත්, රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බවත් පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!