spot_img

මිල්කෝ සමාගමේ කිරිපිටි නරක් වෙලා. සතුන්ට දෙන්න කෝටි 10ක අල්ලසක් අරන් ?

පුවත්

විදෙස්

නරක් වූ ක‍ිරිපිටි තොගයක් සත්ව ආහාර නිෂ්පාදනය ලබාදීම සඳහා රුපියල් කෝටි 10ක අල්ලසක් ගත් පුද්ගලයකු සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය පරීක්ෂයක් ආරම්භ කර තිබේ.

මෙම අල්ලස් ලබාගෙන ඇත්තේ මිල්කෝ සමාගමේ ප්‍රධානියකු විසිනි.

කිරිපිටි මෙට්‍රික් ටොන් 650ක් කල් ඉකුත් වී සත්ව ආහාර සඳහා විකිණීමේ ටෙන්ඩරය ලබාදීමේ දී මේ අල්ලස් ලබාගෙන ඇති බව පැවසේ. එම ටෙන්ඩරය කැඳවූ අවස්ථාවේ දී අල්ලස් ලබාදෙමින් ටෙන්ඩරය ලබාගත් තැනැත්තා මීට පෙර ද අක්‍රමිකතා සිදුකළ බවට චෝදනා තිබීම හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් පත්කළ කමිටුවක් නිර්දේශ කර තිබුණේ එහුට ටෙන්ඩර් ලබා නොදිය යුතු බවයි. නමුත් එම නිර්දේශය නොතකා ටෙන්ඩරය ලබාදීමට රුපියල් කෝටි 10ක අල්ලසක් ගත් බවට තොරතුරු ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළ තුළ දේශීය කිරිපිටි ඉල්ලුමට ප්‍රමාණවත් තරම් සැපයුමක් ලබාදීමට නොහැකි තත්වයක් තුළ මිල්කෝ සමාගමේ කිරිපිටි කල් ඉකුත්වන්නේ කෙසේ ද යන්න බරපතල ගැටලුවක් බැවින් ඒ පිළිබඳව ද සොයාබලන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා දැනුම් දී ඇත.

අමාත්‍ය කමිටු නිර්දේශ ද නොසලකා හරිමින් අදාළ ටෙන්ඩරය ලබා දුන්නේ කෙසේ දැයි නිදහසට කරුණු දක්වන ලෙස කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ගුණදාස සමරසිංහ විසින් මිල්කෝ සමාගමේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles