කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (31) දිනයේ ගනුදෙනු 16,948ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,723ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 24ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,865ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 154
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 154
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 126
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 15
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 08
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 07
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- කාගෝ බෝර්ට් සමාගම 13%
- එච්එන්බී ඇෂුවරන්ස් සමාගම 10%
- එස්පැක් සමාගම 06%
සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම්
- ලංකා අයිඕසී සමාගම කොටස් 159,000ක් රුපියල් 209.00 බැගින්
- ලංකා වෝල්ටයිල් සමාගම කොටස් 400,000ක් රුපියල් 55.50 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 363
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 196
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 173ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 79ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 93ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 109
- ටෝකියෝ සිමෙන්ට් සමාගම (X) රුපියල් මිලියන 11.7
- හේකාබ් සමාගම රුපියල් මිලියන 04
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 25
- ටෙක්සච්ර්ස් ජර්සි සමාගම 09
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ