spot_img
spot_img

“විදුලිය නැතිවත් ළමයි විභාග ලියයි” – අධ්‍යාපන ඇමති

පුවත්

විදෙස්

විභාගයට ලියන දරුවන්ට විදුලි ආලෝකය අවශ්‍ය නැති බවට හැඟවෙන කතාවක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

ඔහු කියා සිටින්නේ ට්‍රාන්ස්පෝමර් ගිනි තබා විනාශ කර නිවසක විදුලි පහනක් හෝ දැල්වීමට ඉඩ නොදුන් අඳුරු කාලයේ දී පවා දරුවන් සාර්ථකව විභාගවලට මුහුණ දුන් බවයි.

මහනුවර දළදා මාළිගාවේ පැවැති උත්සවයක් අවසානයේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීවේය.

1971 කැරැල්ල කාලයේ සාමාන්‍ය පෙළ විභාගය වසරකින් කල් දැමූ බව ද අමාත්‍යවරයා පැවසුවේ  එවැනි අතීතයක් ගැන ඇතැම් පිරිස් දැන් කතා නොකරන බව සිහිපත් කරමිනි.

“විදුලි කප්පාදුව නිසා රාත්‍රී කාලයේ දරුවන්ට පැයක පමණ කාලයක් පාඩම් කටයුතු කරගැනීමට අපහසුවීම අපිට අනුමත කරන්න බැහැ. නමුත්, විදුලිබල මණ්ඩලය මේ අවස්ථාවේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා. එය අප අමතක නොකළ යුතුයි. විභාගය පැවැත්වෙන උදේ 8.00 සිට සවස 4.30 දක්වා කාල සීමාවේ දී විදුලිය කැපීමක් සිදුවන්නේ නැහැ. මොන අසීරුතා තිබුණත් අපේ දරුවන් විභාගයට සාර්ථකව මුහුණ දෙන බව මට විශ්වාසයි.” අධ්‍යාපන ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!