spot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 16,156ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,657 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 69ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,889ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 254
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 148
  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 143

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඒසියා සියාකා සමාගම කොටස් මිලියන 30
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 10
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 9.9

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම 15%
  • ඒසියා සියාකා සමාගම 12%
  • පාර්ම් ගාර්ඩ්න් සමාගම  05%

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ඒසියා සියාකා සමාගම කොටස් මිලියන 22.6ක් රුපියල් 4.50 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 361
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 203
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 140ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 44ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 96ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 109
  • ටෝකියෝ සිමෙන්ට්  සමාගම (X) රුපියල් මිලියන 11.7
  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 11.7

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 29
  • බීපීපීඑල් සමාගම රුපියල් මිලියන 05

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles