spot_img
spot_img

සිවුරු ගලවා, සූර් වූ, භික්ෂූන් 06ක් අත්අඩංගුවට

පුවත්

විදෙස්

සාමාන්‍ය තරුණයන් ලෙස සැරසී, අධික ලෙස බීමතින් මහනුවර නගරයේ අශෝබන ලෙස හැසි‍රෙමින් සිටි භික්ෂූන් 06 දෙනකු අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් අය සතුව හැඳුනුම්පත් නොමැතිවීම හේතුවෙන් කරන ලද සොයා බැලීම්වල දී අනාවරණය වී ඇත්තේ ඔවුන් 06 දෙනාගෙන් 05 දෙනකු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන භික්ෂූන් බවයි. අනෙක් තැනැත්තා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන භික්ෂුවකි.

ඔවුන් සාමාන්‍ය තරුණයන් සේ සැරසී පැමිණ ඊයේ (29) රාත්‍රී මහනුවර නගරයෙන් මත්පැන් මිල දී ගෙන ඒවා පානය කර මහනුවර නගරයේ අශෝභන ලෙස හැසිරෙමින් සිටිය දී අද (30) අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස ගාල්ල, තංගල්ල, පිළිමතලාව සහ නුවරඑළිය ප්‍රදේශවල පදිංචි අය බව ද අනාවරණය වී තිබේ.

ඔවුන් ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කරන තෙක් පොලිසියේ රඳවා තබාගැනීමට සිදුවන බවත්, ඉන් අනතුරුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!