spot_img
spot_imgspot_img

මහානායක හිමිවරු හමුදා කඳවුරු ඉල්ලයි

පුවත්

විදෙස්

විහාරස්ථාන ආරක්ෂා කිරීමට යුද හමුදා කඳවුරු අවශ්‍යයැයි මහා නායක හිමිවරු ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා විසින් බ්‍රහස්පතින්දා (26) කැඳවූ සර්වපාක්ෂික සමුළුවේ දී කියා සිටියේ රටේ ඇති වර්ගවාදී අර්බුදය විසඳීම සඳහා ගෙන එන ලද 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කළ යුතු බවයි. ජනාධිපතිවරය එහි දී කියා සිටියේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළ නොහැකිනම් එය අහෝසි කිරීම අවශ්‍ය බවයි. රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට විධායක ජනාධිපතිවරයා ලෙස තමන් බැඳී සිටින බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීවේය.

මෙම සර්ව පාක්ෂික සමුළුවෙන් පසු මහා නායක හිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත එම ලිපිය යොමුකර ඇත.

මල්වතු පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපජ්‍ය වරකාගෙගාඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක දොඩම්පහළ චන්ද්‍රසිරි,  ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක මකුලෑවේ විමල යන හිමිවරුන්ගේ අත්සනින් මේ ලිපි යොමුකර ඇත.

එම ලිපිය මගින් දන්වා ඇත්ත් උතුරු නැගෙනහිර පළාත්වල මෙන් ම දිවයිනේ සෙසු පළාත්ව පිහිටි සුවිශේෂී ඓතිහාසික වැදගත්කමකින් යුතු බෞද්ධ සිද්ධස්ථානවල සුරක්ෂාව සහ සංවර්ධනය උදෙසා අනුයුක්ත කර ඇති ආරක්ෂක හමුදා නිලධාරීන් තවදුරටත් එම සිද්ධස්ථාන ආශ්‍රයේ යෙදවීම යෝග්‍ය යැයි ද එම ලිපියෙන් දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාව ථෙරවදී බෞද්ධ දර්ශනයේ කෝෂ්ඨාගාරය බව ද ඓතිහාසික ශ්‍රී විභූතියේ ජීවමාන සාධකය වන්නේ බෞද්ධ වෙහෙර විහාර බව ද හිමිවරු පෙන්වා දෙති. අද වන විට දේශයේ අධ්‍යාත්මික ශික්ෂණය උදෙසා මෙන් ම ආර්ථික දියුණුව උදෙසා ද බෞද්ධ විහාරස්ථාන පිටුබලයක් ලබාදෙන බැවින් ඒවායේ ආරක්ෂාව තහවුරු කළ යුතු බව ද මහානායක හිමිවරු පවසා ඇත.

යුද්ධය පැවැති කාලයේ පටන් අද දක්වා ම උතුරු නැගෙනහිර පළාත්වල පිහිටි ඓතිහාසික සිද්ධස්ථාන ආරක්ෂා කරගැනීම හා නඩත්තු කටයුතු සඳහා ආරක්ෂක අංශ සුවිසල් මෙහෙයක් කරන බව ද එම ලිපිය මගින් සිහිපත් කර ඇත. එමෙන් ම සෙසු පළාත්වල  ද ඓතිහාසික වැදගත්කමින් යුතු විහාරස්ථාන ආරක්ෂාව හා සංවර්ධනය සහා ත්‍රවිධ හමුදාවෙන් සුවිශේෂ දායකත්වයක් සපයා දේ ඇති බැවින් එම සිද්ධස්ථානවලින් ආරක්ෂක අංශ ඉවත්කිරීම එම සංවර්ධන කාර්යයන් අඩාල කිරීමට හේතුවක් බව ද මහනායක හිමිවරු දන්වා සිටිති. එබැවින් ඔවුන් තවදුරටත් විහාරස්ථානවල ආරක්ෂාවට යොදවන ලෙස මහනායක  හිමිවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!