spot_img
spot_imgspot_img

15 හැවිරිදි දැරිය බිහිකළ දරුවා මියගියා ද ? මැරුවා ද ?

පුවත්

විදෙස්

එරාවුර් ප්‍රදේශයේ පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 15 හැවිරිදි දැරියක විසින් ප්‍රසූතකරන ලද දරුවකු මරා දැමූවේ ද උපතේ දී මියගියේ ද යන්න සොවීම සඳහා වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසයි.

බාලවයස්කාර දැරියක විසින් දරුවකු ප්‍රසූත කර ඇතැයි ලැබුණු තොරතුරකට අනුව පොලිසිය විසින් කරන ලද සොයා බැලීමක දී අනාවරණය වී ඇත්තේ ප්‍රසූත කරන ලද දරුවා මියගොස් ඇති බවයි.

බිළිඳු මළ සිරුරු මඩකලපුව රෝහලට යවා ඇති අතර අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර තිබේ.

මෙම බාලවයස්කාර දැරියය ගැබිනියක් කළ බවට සැකපිට එරාවුර් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන 25 හැවිරිදි අයකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු එක්දරු පියෙකි.

දරුවා බිහිකළ දැරිය පවසා ඇත්තේ නිවසේ ඩෙංගු මදුරුවන් පරීක්ෂා කිරීමට පැමිණි අවස්ථාවේ දී හඳුනාගත් ඔහු තමන් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!