spot_img
spot_imgspot_img

නීතිඥයන්ට එරෙහිව උසාවි ගිය කෙසෙල්වත්ත පොලිසිය, වැඩ වරද්දා ගනී ?

පුවත්

විදෙස්

නීතිඥයන් පිරිසකට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කෙසෙල්වත්ත පොලිසිය මගින් ගොනු කරන ලද බී වාර්තාව ඉල්ලා අස්කරගැනීමට අද (23) පොලිසිය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

නීතිපතිවරයා අධිිකරණයට කරන ලදැයි කියන බලපෑමක් හෙළා දකිමින් ජනවාරි 18 වැනි දා නීතිඥයන් පිරිසක් සාමකාමී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි. මෙම උද්ඝෝෂණයේ නිරත වූ පිරිසට එරෙහිව කෙසෙල්වත්ත පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

එම බී වාර්තාව අනුව නීතිඥ ගුණරත්න වන්නිනායක, නුවන් බෝපගේ, සේනක පෙරේරා ඇතුළු නීතිඥවරු පිරිසක් මැතිවරණ නීති සහ ජාතික මංතීරු පනතේ විදිවිධාන උල්ලංඝනය කරමින් විරෝධතාවක් සංවිධානය කරන ලදැයි පොලිසිය චෝදනා කරයි.

කෙසෙල්වත්ත පොලිසිය විසින් එම බී වාර්තාව ගොනුකර ඇත්තේ කුමන පදනමක් මත ද සහ කුමන නීති කඩකර තිබේ ද ? යන්න පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාගෙන් විමසීමක් කර ඇති බව වාර්තා වේ.

මේ අනුව පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න කෙසෙල්වත්ත පොලිසියේ ක්‍රියාකලාපය පිළිබඳ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් වාර්තාවක් කැඳවා තිබේ. එම වාර්තාව කැඳවමින් පොලිස්පතිවරයා විමසා ඇත්තේ පොලිස් මූලස්ථානයේ නීති කොට්ඨාසයේ අනුදැනුමකින් තොරව මෙවැනි බී වාර්තාවක් ඉදිරිපත් කෙළ් කෙසේද යන්නයි.

අදාළ තොරතුරු ලැබුණු පසු ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමිට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත විසින් විභාග කිරීම වැළැක්වීමට නීතිපතිවරයා කටයුතු කිරීම හෙළා දකිමිනුයි නීතීඥයින් 18 වැනි දා උද්ඝෝෂණයේ නිරත විය.

එම නඩුව අධිකරණයේ කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණ සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා කියා සිටියේ සිරිධම්ම හිමිට ප්‍රතිකාර සහ සස්ටජන් ලබාගැනීම සඳහා මහේස්ත්‍රාත්වරිය විසින් රුපියල් 10,000.00ක මුදලක් බන්ධනාගාර නිලධාරීන්ට ලබා දී ඇති බවයි. එමෙන් ම “ඔබ උද්ඝෝෂණය කළේ අපි හැමෝම වෙනුවෙන්. මේ පනත අනුව ඇප ලබා දීම නොහැකියි” යැයි මහේස්ත්‍රත්වරිය සැකකරුවන්ට කී බවට පොලිස් නිලධාරීන් දිවුරුම් ප්‍රකාශ ලබා දී ඇතැයි ද කියමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා එම නඩුව තවදුරටත් අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත විසින් විභාග කිරීමට විරෝධය ප්‍රකාශ කරන බව කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!