2021 මුල එන කොරෝනා තෙවැනි රැල්ල තවත් දරුණුයි

0
190

2021 ආරම්භයේ දී එන තුන්වැනි කොරෝනා රැල්ල මීටත් වඩා භයානක වන බව පර්යේෂකයන් අනතුරු අඟවන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසයි.

ඔහු පවසන්නේ කොරෝනා වසංගතය තවත් වසර 02ක් පමණ කාලයක් තිබිය හැකි බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු පර්යේෂකයන් දෙවැනි කොරෝනා රැල්ලේ දී ඖෂධයක් සොයාගත නොහැකි වුවහොත් මීටත් වඩා දරුණු ලෙස තෙවැනි කොරෝනා රැල්ලට මුහුණ දීමට පසුවන බව පෙන්වා දී ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

වෛද්‍ය ජයරුවන් වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“ දෙවැනි කොරෝනා රැල්ල බරතල ලෙස ආසාදනය වෙනවා. නමුත් වයිරසය වාතයෙන් බෝ නොවන නිසා අපිට හොඳ සෞඛ්‍ය පුරුදු භාවිතා කළොත් ඉන් ආරක්ෂා වී සිටීම අපහසු දෙයක් නෙවෙයි. අපි දිගටම ඉල්ලා සිටිනවා සමාජ දුරස්ථභාවය තබාගැනීම, මුඛ ආවරණන පැළඳීම, අත් සබන් ගා සේදීම, පොදු ස්ථානවල ගැවසීමෙන් වැළකිම වැනි දේ කරන්න කියා. එමෙන් ම අනවශ්‍ය කිසිදු ගමනක යෙදෙන්න එපා. නිවසින් පිටතට ගියොත් නිවසට ඇතුළුවීමට පෙර නා පිරිසිදුවීමට මතක තබාගන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here