spot_img
spot_imgspot_img

පාසල් දරුවන් තිදෙනකුට දිවි අහිමි කළ, නානුඔය බස් අනතුර – තර්ස්ටන් සිසුන් අද කොළඹට

පුවත්

විදෙස්

හැටන්, නානුඔය ප්‍රදේශයේ දී සිදුවූ ඊයේ (20) රාත්‍රී 7.15ට පමණ සිදුවූ බස්, වෑන් සහ ත්‍රී රෝද රථ අනතුරෙන් මියිගිය 07 දෙනා අතර ගැහැනු ළමුන් දෙදෙනකු, පිරිමි දරුවකු සහ කාන්තාවක් සිටින බවත් පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ නානුඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. ඔවුන් අතර එකම පවුලේ 05 දෙනකු සිටින බව ද වාර්තා වේ.

වයස අවුරුදු 26 සහ 27 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් තිදෙනකු, 43 හැවිරිදි කාන්තාවක් සිටින අතර මියගිය පිරිමි දරුවාගේ වයස අවුරුදු 15ක් ද, මියගිය ගැහැනු දරුවන් දෙදෙනා වයස අවුරුදු 12 සහ 08 වයස්වල පසුවන බව ද පොලිසිය පවසයි.

වෑන් රථයේ සහ ත්‍රී රෝද රථයේ ගැටී ප්‍රපාතයට ලිස්සා ගිය බස් රථයේ සිටි තර්ස්ටන් සිසුන්ගේ තත්වය බරපතල නොවන බව ද ඔවුන්ට සුළු තුවාල ඇති බව ද තර්ස්ටන් විදුහල්පතිවරයා කියා සිටියේය. නුවරඑළිය ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාව නිමා කර ආපසු කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ බසය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ හෝ නවතා තිබූ වෑන් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ද ඒ පිළිිබඳ පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව කීවේය.

අනතුරට පත්වූ බස් රථයේ සිට කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන්, ගුරුවරු සහ දෙමාපියන් පිරිස අද (21) නිරුපද්‍රිතව කොළඹට පැමිණෙන බව ද තර්ස්ටන් විද්‍යාලයේ ප්‍රකාශකයකු කීවේය.

මියගිය දරුවන් තිදෙනා ඇතුළු 07 දෙනාගේ මරණ පරීක්ෂණ කටයුතු අද නුවරඑළිය රෝහලේ දී සිදුකිරීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!