spot_img
spot_imgspot_img

“225 ම, බයිට් වෙනවා. මම කංසා වැව්වේ නෑ” නියෝජ්‍ය කතානායක කියයි

පුවත්

විදෙස්

“කංසා වැවූ බවට මාධ්‍ය මට එල්ල කළ චෝදනාව සම්පූර්ණ අසථ්‍යයක්. මා මිලියන 500ක් ඉල්ලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා” යැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ඊයේ (17) පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මන්ත්‍රී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමිනි.

“මම අවුරුදු 25ක් දේශපාලනයේ යෙදී සිටියා. අද රටේ දැවැන්ත මාධ්‍ය ජාලයක් තියෙනවා. ඒ අයගේ බලය පාවිච්චි කරලා ඕනෑම අවාලද, අපහාස කරන්න පුළුවන්. මේවට විරුද්ධව උසාවි ගියොත් විශාල මුදලක් දරන්න වෙනවා. ඒ නිසා මේවට විරුද්ධව නිහඬව සිටීම තමයි කරන්න වෙලා තියෙන්නේ. ඒ නිහඬවීම අපරාධකරුවන්ට අත්උදව් දීමක් වෙනවා. මම මේ පාර්ලිමේන්තුවට ආවට පස්සේ මීට අවුරුද්දකට විතර කලින් ඉදන් තමයි අවලාද, අපහාස නඟන්නට පටන් ගන්නේ. රටේ තියෙන ප්‍රධාන පුවත්පත් ආයතන කිහිපයක් මට විරුද්ධව චෝදනා එල්ල කළා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක කංසා වවලා කියලා. මම මේ කිසිම දේකට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. ඔය කියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මට ඉඩමක් නෑ. එහෙම වෙද්දී මගේ නම ඈදා ගත්තේ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක්. මේ හරහා මේ උත්තරීතර පාර්ලිමේන්තුවට කරන්න තියෙන අගෞරවය සිද්ධ වෙනවා. මාධ්‍යවේදියෙක් කියනවා පාර්ලිමේන්තුවේ පයිලට් ප්‍රොජෙක්ට් එකක් හැටියට මේක ක්‍රියාත්මක වෙනවා කියලා. ඉතා අපහාසාත්මකව කතා කළා. ෆේස්බුක් අන්තර්ජාලවල ඉන්න සමහුරුනට ඇති වෙන්න සල්ලි ලැබෙනවා. මට දරුවෙක්, බිරියක්, නෑදෑයෝ, අම්මා තාත්තා ඉන්නවා. ඒ අයට සමාජයේ මුහුණ දෙන්න බැරි තත්වයක් නිර්මාණය වෙනවා. මුළු ලෝකයේ ම වගේ රටවල්වල ඉන්න මගේ යාළු මිත්‍රයෝ මේ ගැන කතා කරලා විමසීම් කළා. මානසික වශයෙන් අන්තිම පීඩාවකට පත්වෙලා මම ඉන්නේ.

මේ රටේ සමහර ජාතික යැයි කියාගන්නා මාධ්‍ය මෙහෙම හැසිරෙනවා නම් හරිම අවාසනාවක්. මෙහෙම ගියොත් සාන්තුවරයකුටවත් දේශපාලනය කරන්න බෑ. මේ 225ම අද සමාජයේ බයිට් එකක් වෙලා තියෙනවා. ද දවසේ මම වරප්‍රසාද ප්‍රශ්නයක් හැටියට මෙය මතුකරනවා. මේ පුවත නිසා මගේ වරප්‍රසාද උල්ලංඝනය වෙනවා. මේ ගැන පත්තර කියවන මාධ්‍යවේදීන් පවා විශාල ප්‍රචාරයක් ලබාදුන්නා. මේ කංසා වැවීමේ පුවත මම තරයේ ප්‍රතික්ෂේප කරනවා. මේ පුවත නිවැරදි කරන ලෙස මම ඉල්ලා සිටිනවා. මේ පුවත මාධ්‍යයට දුන් නිලධාරියා ගැනත් ආරක්ෂක අංශ සොයා බැලිය යුතුයි.”

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!