අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ මුදල් ගැරීමේ ජාවාරම නිවැරදි කිරීමට එහි ආදි සිසු පිරිසක් ඉදිරිපත්ව සිටිති. ඔවුන් පවසන්නේ පාසලේ කීර්ති නාමය විනාශ කිරීමට පුවත් පළකරන බවයි.
එමෙන්ම මාධ්‍ය මගින් පවසන ආකාරයට මුදල් එකතුකරන නැතැයි ද ඔවුහු කියති. මාධ්‍ය හමුවක් පවත්වමින් ආදි සිසු සංගමයේ සම ලේකම්වරයකු ඇතුළු පිරිසක් මේ බව කියා සිටියහ.
උසස් පෙළ නවක සිසුන් බඳවා ගැනීමේ දී වසර දෙක සඳහාම එකතු කර ඇත්තේ රුපියල් 7,920.00 ක් පමණක් යැයි ඔවුහු කියති. වෙනත් මුදලක් එකතු නොකළ බව ද ආදි ශිෂ්‍ය සංගමය පවසන්නේ විදුහල්පතිනිය නිවැරදි කිරීමේ අරමුණෙනි.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය උසස් පෙළ නවක සිසුන්ගෙන් රුපියල් 27,020.00ක මුදලක් නීති විරෝධී ලෙස එකතුකරන බවත් එය පුද්ගලික ගිණුමකට බැර කරන්න යැයි උපදෙස් දී ඇති බවත් අපි පසුගිය ජනවාරි 10 වැනි දා හෙළි කළෙමු. එම ලිපිය මෙතැනින්.
අපි එහි දී පෙන්වා දුන්නේ එලෙස අයකරන රුපියල් 27,020.00ක මුදලින් රුපියල් 7,920.00ක් පාසල් සංවර්ධන අරමුදලට බැර වී රිසිට් පතක් ද ලබාදෙන බවයි. නමුත් ඉතිරි රුපියල් 19,100.00ක මුදල සඳහා කිසිම ලේඛනයක් දෙමාපියන්ට නොලැබෙන බව ද එම මුදල් බැර කරන්නේ හෝටල් හිමියකුගේ ගිණුමකට බව ද අපි පෙන්වා දුන්නේ සියලු සාක්ෂි ඇතිවය.
මේ ගැන විදුහල්පතින සනෝජා ජයවික්‍රමගෙන් අප මාධ්‍යවේදීන් විමසූ විට ඇය කීවේ තමන් ඒ ගැන කිසික් නොදන්නා බවයි.
නමුත් එදින ම දහවල් දෙමාපියන් ආදි සිසුන් සහ පාසල් ප්‍රජාවේ පිරිසක් ශාලාවට කැඳවූ විදුහල්පතිනිය අපගේ rata.lk වෙබ් අඩවියත් මේ ගැන හෙළිදරව් කළ අනෙකුත් මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් ද පතුරු ගැසුවාය.
එදින ම සවස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විදුහල්පතිනිය බේරාගැනීමේ මෙහෙයුම ආරම්භ කරමින් උපදෙස් දුන්නේ එකතුකරන ලද මුදල් සියලු දරුවන්ගේ නිවෙස්වලට ම ගොස් භාර දෙන ලෙසයි. ඒ පුවත ලැබුණු වහාම අපි එය වාර්තා කළෙමු. එම ලිපිය මෙතැනින්.
ඉන් පසු විදුහල්පතිනිය නැවත මාධ්‍යයට කරුණු දැක්වූවාය. ඇය කිසිවක් නොදන්නා බව ද මුදල් එකතු කරනවා යැයි කියන කතාව ගැන සොයා බලන බව ද ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරන බව ද ඇය කීවාය. අදාල මුදල් බැර කරන්න යැයි කී ගිනුම හිමි පුද්ගලයාට ද අප මාධ්යවේදිකේ කතා කළේය. එපමණක් නොව එම කාර්යයට අටවාගත් දෙමාපිය සංගමයක භාණ්ඩාගාරික කාන්තාවක් ද අපගේ ඇමතුමකට දැන හෝ නොදැන පිළිතුරු දුන්නාය පටිගත වී ඇති ඔවුන්ගේ හඬපටවල ඇත්තේ මේ මුදල් එකතුකිරීම සිදුවූයේ විදුහල්පතිනිය ද දැනුම්වත්ව බවයි. එම ලිපිය මෙතැනින්.
නමුත් අප දන්නා තරමින් විදුහල්පිතිනය නොදන්නවා යැයි කී මුදල් එකතුකිරීම ගැන ඇය තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී නැත. එසේ දැනුම් දීමට ඇයට හැකියාවක් ද නැති බව අපි දනිමු. ඒ ඇය ද මේ මුදල් එකතුකිරීමේ සිද්ධියේ එක් කොටස්කාරියක බැවිනි.
දැන් ආදි සිසුන් කණ්ඩායමක් පෙරට පැමිණ විදුහල්පතිනිය බේරාගැනීමට උත්සාහ ගනී.
ධර්මාශෝක විද්‍යාලයේ උසස් පෙළ නවක සිසු සිසුවියන්ගෙන් නීති විරෝධී ලෙස මුදල් එකතු කිරීමේ දී එම මුදල් බැර කරන්න යැයි කී බැංකු ගිනුමේ හිමිකරුගේ දුරකථන අංකය, ඔහුගේ බැංකු ගිනුමේ අංකය, නම ගම විස්තර සහ බැංකු ගිණුම ඇති හෝටලය යන සියලු විස්තර අප සතුව තිබේ.
ආදි සිසුන් ඒ ගැන නොදන්නවා යැයි කීව ද, වැඩිදුර පරීක්ෂණ සදහා ඒ සියලු විස්තර අදාල අංශ වෙත ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ. මුදල් දැමූ ගිණුම් හිමියා දෙමාපියන්ට යැවූ වට්ස් ඇප් පණිවිඩ ද අප සතුව තිබේ.
දම්සෝ ආදි සිසුනි, එවැනි මුදල් එකතුකිරීමක් විදුහල්පතිනිය හෝ පාසල මගින් සිදුකර නැතිනම් අපි එක් අභියෝගයක් කරන්නෙමු. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ මුදල් එකතුකිරිමේ සිද්ධිය ගැන සොයන ලෙස දැනුම් දීමට ඔබට හැකියාව ඇත ඔබ සංගමය හෝ විදුහල්පිතිනිය එය නොකරන්නේ නම් අපට කීමට ඇත්තේ ධර්මාශෝක විද්‍යාලය පාසල් සිසුන්ගෙන් නීති විරෝධී ලෙස මුදල් ගරන බවයි
නීති විරෝධී වැඩ නොකළානම් පාසලට, විදුහල්පතිනියට අපකීර්තියක් ඇති වන්නේ නැත.
පස්ස පැත්ත ගියත් ඇට්ට කියන ඉර පගා මාරයන්නම් ආරක්ෂා කරගන්නව