spot_img

බාර් සහ පෙට්‍රල් ෂෙඩ් හිමි මැති ඇමතිවරු 30ක් පාර්ලිමේන්තුවේ, 75%ක් ම ව්‍යාපාරිකයෝ

පුවත්

විදෙස්

පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරු 30ක පමණ පිරිසකට මත්පැන් අළෙවි සැල් සහ ඉන්ධන පිරවුම්හල් එකකට වඩා වැඩි සංඛ්‍යාවක් ඇතැයි වාර්තාවේ.

තමන්ට ලැබෙන වැටුපෙන් පමණක් ජීවත්වන මන්ත්‍රීවරු සංඛ්‍යාව සමස්ත මන්ත්‍රීවරුන්ගෙන් 25%ක් පමණ වන බව ද පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි. මන්ත්‍රීවරුන්ගෙන් 75%කට ව්‍යාපාර සහ වෙනත් ආදායම් මාර්ග ඇත.

මන්ත්‍රීවරයකුගේ මූලික වැටුප රුපියල් 54.285.00කි. කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා ලැබෙන දීමනාව 100,000.00කි. දුරකථන දීමනාව රුපියල් 50,000.00ක් වන අතර මුද්දර සඳහා වාර්ෂිකව රුපියල් 350,000.00ක් ද හිමිවෙයි.  මන්ත්‍රීවරයකුට පුද්ගලික කාර්ය මණ්ඩලය ලෙස හතර දෙනකුගේ සේවය ලබාගත හැකි අතර ඔවුන්ගේ වැටුප ද හිමිවෙයි.

බොහෝ මන්ත්‍රීවරු තම පවුලේ සාමාජික සාමාජිකාවන් පුද්ගලික කාර්ය මණ්ඩලය ලෙස යොදාගෙන ඇත.

1 COMMENT

  1. එහෙම ආදායම් කියන එකේ රාජකාරිය දේවකාරිය වගේ ඉටු කරල තිබුනනං රටක් විදිහට අපට ලස්සනට ජීවත් වෙන්න තිබුනා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles