spot_img
spot_imgspot_img

ශ්‍රී ලාංකික දස හැවිරිදි දරුවෙක්, ලෝක ටෙනිස් ශූරයාට අභියෝගයක් වෙයි. මියගිය රෙජිනෝල්ඩ්ගේ මුණුපුරා

පුවත්

විදෙස්

ලොව හොඳම ටෙනිස් ක්‍රීඩකයා ලෙස සැළකෙන සර්බියාවේ නොවැත් ජොකොවිච්ගේ ප්‍රතිවාදී ටෙනිස් ක්‍රීඩකයා බවට පත්වීමට 10 හැවිරිදි ශ්‍රී ලාංකික ක්‍රීඩකයකුට ඊයේ (13)  අවස්ථාව ලැබිණි.

එම අවස්ථාව හිමිවූයේ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන නදී කරුණානායක නමැති දරුවකුට ය. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි කණ්ෂ්ඨ ටෙනිස් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල අංක 02 ස්ථානයේ පසුව නදී, ඊයේ අලුයම මියගිය හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේගේ මුණුපුරෙකි. තම සීයා මියගිය දිනයේ ඔහු ලෝකයේ විශිෂ්ඨතම ක්‍රීඩකයා සමඟ තරඟ වැදීම ද විශේෂත්වයකි.

ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියට සමගාමිව පැවති ප්‍රදර්නාත්මක ටෙනිස් තරගාවලියක දී ඔහු මේ අව්ථාව ලැබිණි.

ටෙනිස් පිටියේ තරග කාලසටහන ආරම්භ කරමින් ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලිය වසර මුළදී පැවැත්වෙන්නේ වසරේ පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාව ලෙසිනි. එයට සමගාමීව ප්‍රදර්ශනාත්මක ටෙනිස් තරගයක් තරග සංවිධායකයන් සූදානම් කරයි.

ඊයේ (13) රාත්‍රීයේ ඕස්ට්‍රේලියා මෙල්බර්න්හී පිහිටි රෝඩ් ලේවර් අරීනා ටෙනිස් පිටියේ දී එම ප්‍රදර්ශනාත්මක ටෙනිස් තරගය සඳහා එක්වුණේ ලොව විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩකයා ලෙස සැළකෙන සර්බියාවේ නොවැක් ජොකොවිච් සහ ඔස්ට්‍රේලියා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල අංක 01 ස්ථානයේ පසුවන නික් කිරියෝස් ය.

එම තරගයේදී ජොකොවිච් සහ නික් කේවල තරගයකට, රෝද පුටු ක්‍රීඩකයෙක් සමඟ යුගල ටෙනිස් තරගයකට සහ තවත් යුගල ටෙනිස් තරගයකට ක්‍රීඩා කළහ. මෙහිදි නික් කිරියෝස්ගේ සහාය ක්‍රීඩකයා ලෙස තරඟයට එක්වුණේ ශ්‍රී ලාංකික වන දසහැවිරිදි වියේ පසුවන නදී කරුණානායකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!