spot_img
spot_imgspot_img

ආදිවාසීන් ප්‍රාදේශීය සභා කිහිපයක බලය ඇල්ලීමට සැරසේ

පුවත්

විදෙස්

දඹාන ආදිවාසී නායක උරුවරිගේ වන්නිල ඇත්තන්ගේ නායකත්වයෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ බදුල්ල දිස්ත්‍රික්ක‍යේ පළාත් පාලන ආයතන 04ක් සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.

එම පක්ෂයේ මහියංගණ  ආසන සංවිධායක ඉන්දික නුවන් කුමාර විසින් බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යලයේ දී ඊයේ (13) ඇප තැන්පත් කරන ලදී.

මහියංගණය ප්‍රාදේශීය සභාව, සොරණාතෙට ප්‍රාදේශීය සභාව, බදුල්ල මහ නගර සභාව සහ හාලිඇළ ප්‍රාදේශීය සභාව සඳහා ඔවුන් මෙලෙස ඇප තැන්පත් කළේය.

මෙම පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන්නේ ආදිවාසී නායක වන්නිල ඇත්තන්ය. ඉතිහාසයේ පළමු වතාවට ආදි වාසීන් දේශපාලන පක්ෂයක් ලෙස මැතිවරණයට ඉදිරිපත්වීම ද විශේෂත්වයකි. එමෙන් ම එම පක්ෂය අම්පාර දිිස්ත්‍රික්කයේ සියලු ම පළාත් පාලන ආයතන සඳහා කණ්ඩායම් ඉදිරිපත් කිරීමට අපෙක්ෂාවෙන් සිටියි. එම පක්ෂය පවසන්නේ ආදිවාසී පෙළපතේ අය ම මෙම කණ්ඩායම්වලට නම්කර ඇති බවයි. ආදි වාසීන් නොමැති ස්ථාන කිහිපයක පමණක් ඔවුන්ගේ නායකත්වය යටතේ වෙනත් අය තරඟ කරන බව ද ප්‍රධාන සංවිධායක ඉන්දික නුවන් කුමාර පවසයි.

“අපේ වරිග සභාව එකතුවෙලා තමයි මේ තීරණනය ගත්තේ. අපි හැමදාම ඡන්දය දුන්නා. ඡන්දයෙන් පසු අපිව රැවැට්ටුවා. නැවතත් එහෙම වෙන්න ඉඩ දෙන්න බැහැ. ඒ නිසා ලංකාව පුරාම ආදිවාසීන් ඉන්න ප්‍රදේශවලින් අපි ඡන්දයට ඉදිරිපත් වෙනවා. අපි මින්පසු ප්‍රධාන දේශපාලන පක්ෂවලට කඩේ යන්නේ නෑ. අපි දෙශපාලනය කරනවා.”

ශ්‍රී ලංකාවේ ගම්මාන 65ක ආදිවාසී ඡන්ද 500,000ක් පමණ ලියාපදිංචි වී අති බව ඔහු කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!