spot_img
spot_imgspot_img

ගෝල්ඩන් ග්ලෝබ්ස්-හොඳම නිළිය මැලේසියාවෙන්

පුවත්

විදෙස්

ගෝල්ඩන් ග්ලෝබ්ස් ජාත්‍යන්තර සම්මාන උළෙලේදී මැලේසියානු නිළි මිචෙල් යෝගේ හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවාය. ඇය මෙම සම්මානය ලබා ගත්තේ විද්‍යා-ප්‍රබන්ධ ප්‍රහසන චිත්‍රපටියක් වන Everything Everywhere All At Once හි ප්‍රධාන චරිතය වෙනුවෙනි.

ඇය සම්මානය සඳහා යෝජනා වී තිබූ ලෙස්ලි මැන්විල්, මාර්ගට් රොබී, ආන්යා ටේලර්-ජෝයි සහ එමා තොම්සන් අභිබවා යමින් සම්මානයට පාත්‍ර වූවාය.

2020 දී The Farewell සඳහා Awkwafina ට පසුව මෙම සම්මානය දිනාගත් දෙවන ආසියානු නිළිය ඇයයි. මිචෙල්, ඔස්කාර් සම්මානය ද දිනාගනු ඇති බවට විචාරකයින් මත පලකර තිබේ. ඇය ඹස්කාර් සම්මානය දිනාගතහොත් එයට හිමිකම් කියන ප්‍රථම ආසියානුවා ඇය වනු ඇත.

Michelle Yeoh උපත ලැබුවේ මැලේසියාවේ Ipoh හි ය. ඇය මේවනවිට 60 හැවිරිදි වියේ පසුවෙයි.  වයස අවුරුදු 4 සිට මුද්‍රා නාට්‍ය නර්තන ශිල්පිනියක වූ ඇය නව යොවුන් වියේදී රාජකීය ඇකඩමියේ ඉගෙනීම සඳහා ලන්ඩනයට ගියාය. කෙටි නර්තන වෘත්තියකින් පසුව, ඇය 1980 දශකයේ මුල් භාගයේදී ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පැවති Miss Malaysia රූ රැජින තරඟාවලිය සහ Miss Moomba රූ රැජින තරඟාවලිය ජයග්‍රහණය කළාය. ඇයගේ පළමු කැමරාකරණය වූයේ 1984 සටන් කලා තරුවක් වන ජැකී චෑන් සමඟ කළ වෙළඳ දැන්වීමකි . 1985 දී ඇය හොංකොං හි D&B ෆිල්ම්ස් සමඟ ක්‍රියාදාම චිත්‍රපට නිෂ්පාදනය කිරීමට පටන් ගත්තාය. ඇය මුලින්ම මිෂෙල් ඛාන් ලෙසත් පසුව මිෂෙල් යෙඕ ලෙසත් හඳුන්වනු ලැබුවා. මේ වනවිට ඇය ආසියාවේ වැඩිම මුදලක් අයකරන නිළිය ලෙස හැඳින්වේ.

ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙල ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවැත්විණි. මෙවර 80වෙනි වතාවට සංවිධානය කර තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!