spot_img

තුන් හැවිරිදි දැරියගේ රෝග සුවකරනවා යැයි කියා කටු ඇන සිරුර සිදුරු කළ කපුවෙක් අත්අඩංගුවට

පුවත්

විදෙස්

දේවාරූඪයෙන් රෝග සුවකරන බව කියමින් වයස අවුරුදු තුනහමාරක දැරියකගේ සිරුරට කටුවලින් ඇන සිදුරු කර ඇගේ දෙමාපියන්ගෙන් රුපියල් ලක්ෂ 02ක මුදලක් ද ගත් කපුවකු අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙන්තොට, කහගල්ල ප්‍රදේශයේ නිවසක දේවාලයක් පවත්වාගෙන යන 40 හැවිරිදි දෙදරු පියෙකි.

දැරියගේ මව සහ නැන්දණිය විසින් දැරිය කපුවා හමුවට ගෙන ගොස් ඇත්තේ කපුවා සහ දැරියගේ පියා අතර ඇති හිතවත්කමක් හේතුවෙනි. දැරියගේ සිරුරේ රෝගයක් ඇති බවත් එය තමන්ට දේව මණ්ඩලයේ උදව්වෙන් සුවකළ හැකි බවත් පවසමින් මෙම කපුවා දැරියගේ සිරුරේ තැන  තැන රුධියර වහනය වනතුරු සිදුරු කරමින් පූජාවන් පවත්වා ඇත. මෙම රෝගය සුවකිරීම සඳහා යැයි පවසමින් අවස්ථා තුනක දී දැරියගේ දෙමාපියන්ගෙන් රුපියල් ලක්ෂ 02ක මුදලක් ද කපුවා විසින් ලබාගෙන ඇත. දැරියගේ මව පොලිසියට පවසා ඇත්තේ ඔවුන් මහනුවර වත්තේගම ප්‍රදේශයේ මාස දෙකක් පමණ කාලයක් වාසය කළ බවයි. මෙම කපුවා එම ප්‍රදේශයට ද ගොස් දැරිය සුවකරන බව කියමින් මෙලෙස හිංසා කළ බව ද අනාවරණය වී ඇත.

හිංසනයට ලක් වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කළුතර නාගොඩ‍ රෝහලට ඉදිරිපත් කර සිටියි. අත්අඩංගුවට ගත් කපුවා අධිකරණයට ඉදිරිපත්කරන බව පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles