spot_img
spot_imgspot_img

පොලිස් කොස්තාපල් රිය අනතුරකින් මරුට

පුවත්

විදෙස්

යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු අරණායක – මාවනැල්ල මාර්ගයේ දී ඊයේ (09) සවස සිදුවූ අනතුරකින් මිය‍ගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ අරණායක පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ කන්තලේ අග්බෝපුර පදිංචි 22 හැවිරිදි අයෙකි.

අනතුරින් තුවාල ලැබූ ඔහු දිප්පිටිය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ගෙන යමින් සිටිය දී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

අරණායක පැවැති උත්සවයක සඳහා රාජකාරියේ යොදවා සිටිය දී ඔහු අනතුරට ලක්ව ඇත. අරණායක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

1 COMMENT

  1. මං හිතුවෙ අර විදුලි බිල වැඩි කරන එඑකට විරුද්ධ පෙත්සම බාර දෙන්න යද්දී තග දාපු කොස්සෙක් කියලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!