spot_img

සංවර්ධන නිලධාරීන්ට ගුරු පත්වීම්

පුවත්

විදෙස්

විශේෂ විභාගයක් පවත්වා සංවර්ධන නිලධාරීන් පාසල් ගුරුවරුන් ලෙස බඳවාගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

මෙම විභාගය පැවැත්වීමට සැළසුම් කර ඇත්තේ විභාග දෙපාර්තමේන්තුව මගිනි. ඉන් සමත්වන සංවර්ධන නිලධාරීන් ලබන පාසල් වාරයේ සිට පළාත් මට්ටමින් පාසල්වලට අනුයුක්ත කරන බව ද එය තාවකාලික පත්වීමක් බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

එලෙස පරිවාස මට්ටමින් බඳවාගන්නා සංවර්ධන නිලධාරීන්ට ස්ථිර ගුරු පත්වීම් ලබාදෙන්නේ ඩිප්ලෝමාවක් හැදෑරීමෙන් පසුව බව ද හෙතෙම කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles