spot_img
spot_imgspot_img

මුහුදු වැලි ‍සමඟ රුපියල් කෝටි 50ක් සෝදා හැරලා

පුවත්

විදෙස්

මුහුදු වැලි සමඟ රුපියල් ‍‍කෝටි 50ක මුදලක් සෝදා හැරීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීම් සංස්ථාව කටයුතු කර ඇතැයි ජාතික විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වේ.

2019 වර්ෂයේ දී මුහුදු වැලි සෝදා පිරිසිදු කර පැකට්කර විකිණීමේ ව්‍යාපාරයක් සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පරිපාලිත සමාගමකට මෙම මුදල ලබා දී ඇත.

එසේ වුව ද වෙළෙඳ පොළ ඉල්ලුමක් නොමැතිවීම හේතුවෙන් එලෙස සොදා පිරිසිදු කරන ලද වැලි විකිණීමට නොහැකි වී ඇත. මේ වනවිට අදාල මුදල අය කරගැනීමට නොහැකි වීමෙන් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට රුපියල් කෝටි 50කට ආසන්න පාඩුවක් සිදුව තිබෙබ්.

මෙම පරිපාලිත සමාගම රුපියල් කෝටි හතළිහකට වැඩි මුදලක් වැය කර තිබුණු බව කියති. මේ සඳහා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවෙන් රුපියල් කෝටි 20ක් 12% ක ණයක් ලෙසද රුපියල් කෝටි 11ක් අත්තිකාරමක් ලෙසද ලබා දී තිබූ අතර ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු වෙනුවෙන්ද එම සමාගමෙන් රුපියල් කෝටි 14 ට වැඩි මුදලක් සංස්ථාවට අය විය යුතුව තිබූ බව විගණන අංශ පෙන්වා දෙයි.

විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම මුදල් ආපසු ගෙවීමේ කිසිදු ශක්‍යතාවක් නොමැති සමාගමකට අදාල මුදල් ලබා දී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!