spot_img
spot_imgspot_img

කෝටි ගණන් අතිකාල ගත්තු තෙල් සංස්ථා සේවකයෝ

පුවත්

විදෙස්

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් සඳහා වැටුප් සහ දීමනා ලෙස 2021 වර්ෂයේ දී රුපියල් කෝටි 603ක් පමණ ගෙවා ඇති බවත් ඉන් වැඩි ප්‍රමාණයක් අතිකාල දීමනා බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්ම 2021 වර්ෂයට අදාලව නිකුත් කළ කාර්ය සාධන වාර්තාවේ දැක්වෙයි.

විගණනයට අදාල 2021 වර්ෂයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් සංඛ්‍යාව 2296ක් ලෙස සඳහන් වේ.

එම සේවවකයන් අතරින් 16 දෙනකු තමන්ගේ මූලික වැටුප දෙගුණයකටත් වඩා අතිකාල දීමනා ලබන බව විගණන වාර්තාවේ දක්වා ඇත.

එමෙන් ම සේවකයන්ගෙන් 391ක් හෙවත් සමස්ත සේවක සංඛ්‍යාවෙන් 17% ක් තම මූලික වැටුප හා සමාන අතිකාල දීමනාවක් ලබාගෙන ඇත. මීට අමතරව සේවකයන් 998 දෙනකු හෙවත් සේවකයන් ගෙන් 43% ප්‍රමාණයක් තම මූලික වැටුපෙන් හරි අඩක් අතිකාල දීමනා ලෙස ලබාගෙන ඇත.

විගණන වාර්තාවේ දක්වා ඇත්තේ බොහෝ සේවකයන්ගේ වැටුප්වලින් සැළකිය යුතු ප්‍රමාණයක් ණය සඳහා කපාගැනීම සිදුකර ඇති බැවින් අතිකාල සේවා කිරීම අවශ්‍ය නොවන අවස්ථාවල දී පවා අතිකාල සේවයේ නිරත වීමට ආයතන පාලන අධිකාරිය විසින් සේවකයන්ට අවස්ථාව දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!