spot_img
spot_imgspot_img

ඩයනාගේ මරණය ගැන හැරී කුමරුගෙන් හෙළිදරව්වක්

පුවත්

විදෙස්

“මගේ අම්මාගේ මරණය නිසා මම හැඬුවේ එක් වරක් පමණයි. ඇයගේ දේහය මිහිදන් කරද්දී මම හැඩුවා” යැයි හැරී කුමරු සිය මව වූ ඩයනා කුමරි‍යගේ මරණ සම්බන්ධයෙන් පවසා තිබේ.

ඔහු මේ බව කියා සිටියේ තම සව්යං චරිතාපදානය වන් “ස්පෙයාර්” නමැති ග්‍රන්ථය ප්‍රකාශයට පත්කිරීම ප්‍රවර්ධනය කිරීමේ සම්මුඛ සාකච්ඡාවක දී ය. ITV ආයතන‍යේ ටොම් බ්‍රැඩ්බිට ඔහු මේ බව කියා ති‍බේ.

“ප්‍රසිද්ධියේ වැළපෙන්නන් මුණගැසුණු විට මටත්, විලියම්ටත් කිසිම හැඟීමක් පෙන්වන්න බැරිවුණා” ඔහු පවසයි.

කෙන්සිංටන් මාළිගයෙන් පිටත මල් තැබූ ජනතාව අතර ඇවිදීමේ දී තමාට යම් වරදක් දැණුනු බව ද ඔහු කියයි.

ITV සම්මුඛ සාකච්ඡාව අද (08) සවස විකාශ්‍ය වීමට නියමිත අතර හැරී කුමරු පවසන්නේ 1997 අගෝස්තු මාසයේ පැරිසියේ දී මව මෝටර් රථ අනතුරකින් මියයනවිට අපි සිටියේ කොහේ ද කියා සියලු දෙනා දන්නවා යැයි ද හැරී කියයි.

“අපේ අම්මට මල් පොකුරු 50,000ක් තිබුණා, එතන අපි මිනිස්සුන්ට අත දීලා, හිනාවෙලා හිටියා. ඒ වගේම අපි වෙව්ලන තෙත් අත්, ඔවුන්ගේ දෑත් තෙත් වී ඇත්තේ මන්දැයි අපට තේරුම් ගත නොහැකි වුණා. ඔවුන්ගේ දෑත් තෙත්වුණේ පිස දමමින් සිටි කඳුළුවලින්. හැමෝම හිතුවේ සහ දැනුණේ ඔවුන් අපේ අම්මාව දන්නවා වගේ, ඇයගේ සමීපතම පුද්ගලයින් දෙදෙනා, ඇය විසින් වඩාත්ම ආදරය කළ පුද්ගලයින් දෙදෙනාට ඒ මොහොතේ කිසිම හැඟීමක් පෙන්වීමට නොහැකි වුණා.”

ඔහු ‍තම ග්‍රන්ථයේ කොටසක තම මවගේ අවමංගල්‍ය උත්සවයේ දී මවගේ මිනී පෙට්ටිය පිටුපසින් ඇවිද ගිය හැටි, ජනතාව ඔහු වෙත ළඟා වූ ආකාරය මෙන් ම තමන්ට ප්‍රසිද්ධියේ අඬන්නට නොහැකි වූ ආකාරය විස්තර කර තිබේ.

තම මව පැරිසියේ උමං මාර්ගයක් හරහා ගමන් කරමින් සිටිය දී මියගිය ආකාරය පැවසෙද්දී තම ඇඳ මත වාඩිවී සිටි පියා (චාර්ල්ස් රජු) තමන්ව වැළඳ නොගත් බවයි.

ස්පෙයාර් හි අනෙකුත් හෙළිදරව් කිරීම් අතර තම සහෝදරයා වූ විලියම් කුමරු විසින් පහර දී ශාරීරික වද හිංසා පැමිණ වූ ආකාරය සම්බන්ධ ප්‍රකාශයක් ද ඇතුළත් වේ ඖෂධ ගැනීම පිළිබඳ විස්තර, ඇෆ්ගනිස්ථානයේ සේවය කරමින් සිටිය දී තලේබාන් සටන්කාමීන් 25 දෙනකු මරා දැමූ බවට ප්‍රකාශයක් ද මේ ග්‍රන්ථයේ ඇතුළත් වේ. නමුත් තලේබාන් සටන්කාමීන් මරා දැමූ බවට කර ඇති ප්‍රකාශය උසස් හමුදා නිලධාරීන් රැසක් විසින් විවේචනය කර ඇත.

සසෙක්ස් හි ආදිපාදවරයා ‍වූ හැරී කුමරු සහ ඇගේ වල්ලභ කුමරිය 2020 වර්ෂයේ දී සියලු රාජකීය කටයුතුවලින් ඉවත්වන බව නිවේදනය කළේ ඔවුන් දෙදෙනා මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමට අදහස්කරන බව පවසමිනි.

මේ වනවිට රාජකීය සේවාවලින් ඉවත්ව ඔවුහු ස්වාධීන දිවියක් ගතකරමින් සිටිති.

https://www.bbc.com/news/uk-64197679

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!