spot_img

ගාල්ලෙන් මුහුදු ගිය යාත්‍රාවක් පෙරැළී තිදෙනකු අතුරුදන්. දින ගණනකට පසු තුන්දෙනකු බෝට්ටුවකින් බේරාගෙන

පුවත්

විදෙස්

ගාල්ලෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේ දි පෙරළී තිදෙනකු අතුරුදන්ව තවත් තුන්දෙනකු වෙනත් ධීවර යාත්‍රාවකින් බේරාගෙන ඇතැයි වාර්තා‍ වේ.

මෙලෙස අනතුර පත්ව ඇත්තේ අදින් දින 15කට පමණ පෙර මුහුදු ගිය “චමී මල්ලී” නමැති බහුදින යාත්‍රාවකි. එහි 06 දෙනකු ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබිණි. එම යාත්‍රාව පසුගිය 07 වැනි දා මුහුදේ දී පෙරැළී ඇති අතර ධීවරයන් තුන් දෙනකු පෙරළුණු යාත්‍රාවට ම ගොඩ වී දිවි බේරා ගෙන ඇති අතර ඔවුන් ඉතාමත් අසාධ්‍ය තත්වයෙන් සිටිය දී තවත් ධීවර යාත්‍රාවකින් ඒ බව දැක ඔවුන් අද (12) එම යාත්‍රාවට රැගෙන තිබේ.

එම ධීවර යාත්‍රාව ගොඩබිමට ලබාදුන් පණිවිඩය මගින් කියා ඇත්තේ ධීවරයන් තිදෙනකු සෙයාගත නොහැකි බවයි. මේ වනවිට අනතුරට පත්ව අසාධ්‍ය තත්වයේ පසුවන ධීවරයන් තුන්දෙනා රැගෙන එම යාත්‍රාව ගොඩබිම දෙසට පැමිණෙමින් තිබෙන අතර ඔවුන් ගාල්ලට මුහුදු සැතපුම් 200ක් පමණ ඈතින් සිටින බව ද දැනගන්නට ඇත.

අතුරුදන්ව ඇත්තේ මාගාල්ලේ පදිංචි කපිල ගිහාන් කුරනේරු, හබරාදුවේ පදිංචි වී.ඒ.ජනිත් සහ ඒ සුරේෂ් නමැති තිදෙනෙකි.

අනතුරට පත්වූ ධීවරයන්ගේ ඥාතීන් පවසන්නේ බෝට්ටුවෙන් එම ධීවරයන් ගොඩබිමට ගෙන ඒමට තවත් දින 02ක් පමණ ගතවීමට ඉඩ ඇති බවයි. ජලය සහ ආහාර නොමැතිව මුහුද සමඟ පොරබදිමින් සිටි එම ධීවරයන් ඉතාමත් අසාධ්‍ය තත්වයේ පසුවන බැවින් නාවික හමුදාවේ යාත්‍රාවක් යවා ඔවුන් ගොඩබිමට ගෙන එන ලෙස ද ඥාතීන් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles