spot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (01) දිනයේ ගනුදෙනු 33,528ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,113 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 52ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,703ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,116
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 470
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 229

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 32
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 31
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 21

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්‍රවුනස් බීච් හෝටලය 16%
  • එල්සීබී ෆිනෑන්ස් සමාගම 14%
  • එච්එන්බී ඇෂුවරන්ස් සමාගම 14 %

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ඒසියා සියාකා සමාගම කොටස් මිලියන 10 රුපියල් 4.30 බැගින්
  • සියරා කේබල් සමාගම කොටස් මිලියන 03ක් රුපියල් 11.00 බැගින්
  • එක්ස්පෝ ලංකා සමාගමේ කොටස් 4,130,000ක් රුපියල් 198.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 382
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 203
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 926ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 31 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 894ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 877
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 17
  • ලංකා වෝල්ටයිල් සමාගම රුපියල් මිලියන 07

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම  රුපියල් මිලියන 09
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 03
  • එක්ස් පැක්  සමාගම රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles