spot_img
spot_imgspot_img

ගිලන් රථයෙන් ‘සාස්තර අහන්න’ ගිහින්, ලොකු දොස්තර මාධ්‍යවේදියාට බැන තර්ජනය කරයි

පුවත්

විදෙස්

රෝහලේ ගිලන් රථයකින්, රෝහල් සේවකයන් 05 දෙනකු සාස්තර ඇසීමට යාමේ සිද්ධියක් වාර්තා කළා යැයි ඉඳුරුව රෝහලේ වෛද්‍ය අධිකාරී වරයා මාධ්‍යවේදී ඇත්කඳුරේ ජනත් ද සිල්වාට බැණ තර්ජනකර ඇත.

පසුගිය 18 වැනි දා උදෑසන ඉඳුරුව රෝහලේ ගිලන් රථයකින් රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් නිල ඇඳුමින් සහ සිවිල් ඇඳුමින් සැරසී බටපොළ නින්දාන ප්‍රදේශයේ සාස්තර කියන ස්ථානයකට පැමිණීමේ සිද්ධියක් ජනත් ද සිල්වා විසින් වාර්තා කර තිබේ. එම සාස්තර කියන ස්ථානය සහ ඉඳුරුව රෝහල අතර දුර ප්‍රමාණය කිලෝ මීටර 40කි.

අප මාධ්‍යවේදියා මෙම සිද්ධිය තම හිතවතකු මාර්ගයෙන් වීඩියෝ සහ ඡායාරූපගත කර ඉන් පසු එම ස්ථානයට ගොස් තිබේ.

ගිලන් රථයේ පැමිණි පිරිස මාධ්‍යවේදියාට පවසා ඇත්තේ තම කණ්ඩායම නින්දාන මහා විද්‍යාලයට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය රැගෙන ගිලන් රථයෙන් පැමිණි බවයි.

නින්දාන මහා විද්‍යාලයේ විදුහල්පති ජී.එච්.අයි.ෆොන්සේකා ගෙන් මේ ගැන විමසූ විට ඇය කියා සිටියේ තම පාසලට කිසිම ගිලන්රථයක් නොපැමිණි බවයි. එමෙන් ම බෙහත් ද්‍රව්‍ය කිසිවක් කිසිම ආයතනයකින් ගෙනවිත් බාර නොදුන් බව ද ඇය කියා සිටියාය.

ඉඳුරුව රෝහලේ ගිලන් රථයකින් රෝහල් කාර්ය මණ්ඩලය සාස්තර ඇසීමට යාම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා වෛද්‍ය අධිකාරී ප්‍රසන්න විජේසිංහට ජනත් ද සිල්වා ඇමතුමක් ගෙන ඇත.

එම ඇමතුම හා සම්බන්ධ වූ වෛද්‍යවරයා මාධ්‍යවේදියාට බැන වදිමින් පවසා ඇත්තේ “තමුසෙගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නවා ඕයි. කොහොමද තමුසේ පාරේ තියෙන වාහන ෆොටෝ ගහන්නේ, වීඩියෝ කරන්නේ. මම දන්නවා තමුසේ කවුද කියලා. තමුසේ දන්නේ නැහැනේ මම කවුද කියලා. මම එන්නම් හමුවෙන්න. එතාකොට බලාගනිමු” යනුවෙනි.

වෛද්‍යවරයාගේ මේ හැසිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී ඇත්කඳුරේ ජනත් ද සිල්වා දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චන්දිම සිරිතුංග මහතාට දැනුම් දී තිබේ. ඔහු පවසා ඇත්තේ රෝහලකින් රෝහලකට ගිලන් රථයක් ධාවනයේ යෙදෙව්වා නම් එහි රාජකාරී පොතේ ඒ ගැන සටහන් විය යුතු බවයි. එමෙන් ම රෝගියකු රැගෙන යනවානම් අදාල වෛද්‍යවරයා විසින් ඒ සම්බන්ධව නීත්‍යානුකූළ සටහනක් තබා රියදුරාට රාජකාරී පැවරිය යුතු බව ද ඔහු ඔහු පවසා තිබෙබ්. නමුත් රජයේ වාහන අවභාවිතා කරමින් රෝගීන්ගේ සේවාවන් සඳහා යොදාගැනීමට තිබෙන ගිලන්රථයක් සාස්තර කියන ස්ථානවලට යාමට කිසිම අවසරයක් නැති බවත් එම කරුණ හා වෛද්‍යවරයා කළැයි කියන තර්ජනය සම්බන්ධයෙනුත් පරීක්ෂණයක් පවත්වන බවත් චන්දිම සිරිතුංග  පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!