ශ්‍රී ලංකාවට චීන ණය ලබා ගැනීමේ දී එම ණයවලින් 53%ක් ම ලබාගෙන ඇත්තේ ටෙන්ඩර් පටිපාටියෙන් බැහරව චීන සමාගම්වලට කොන්ත්‍රාත් ලබාදීමට සාදාතිබූ විශේෂ ක්‍රමවේදයක් හරහා බව අනාවරණය වෙයි.
මේ බව අනාවරණය වන්නේ වෙරිටේ රිසර්ච් ආයතනය කරන ලද නවත ම පර්යේෂණයකිනි.
2010-2016 ඇතර කාලයේ දී වැඩිම චීන ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති අතර වරාය, ගුවන්තොටුපොළෙ, විදුලි බලාගාර, අධිවේගී මාර්ග වැනි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට මෙම ණය ලබාගෙන තිබේ. එම කාලේය දී යටිතල පහසුකම් සංවර්ධනයට චීනයෙන් ලබාගෙන ඇති සමස්ත ණයවල වටිනාකම ඩොලර් මිලියන 5,895කි.
මෙලෙස ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ණය ලබාගැනීමේ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ 2010 වර්ෂයේ දී අමාත්‍ය මණ්ඩලය යටතේ ක්‍රියාත්ම කරන ලද ස්ථාවර කැබිනට් සමාලෝචන කමිටුව මාර්ගයෙන්. එම කමිටුව SCARC (ස්කාක්) නමින් හඳුන්වා ඇත. චීන ණය ලබාගෙන සිදුකරන ව්‍යාපෘතිවල කොන්ත්‍රාත්, තරඟකාරී ටෙන්ඩර් ක්‍රමවේදයකට නොාගොස් සෘජුව ම අදාළ යෝජනාව ගෙන එන ලද චීන සමාගමට ලබාදීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත්තේ මෙම කමිටුවේ නිර්දේශයෙනි.
ස්ථාවර කැබිනට් සමාලෝචන කමිටුව හෙවත් SCARC ස්ථාපිත කර ඇත්තේ ම චීනය වැනි රටවලින් ලැබෙන අපනයන සහන ණය ලබා ගැනීමට නම්, තරඟකාරී ටෙන්ඩර් ක්‍රමයෙන් බැහැරවීම අවශ්‍ය බව කියමිනි. චීන සමාගම් විසින් ශ්‍රී ලංකාවට ගෙන එන ව්‍යාපෘති යෝජනා අනුමත කිරීම මගින් අපනයන සහන ලබා ගැනීමට වැඩි ඉඩක් ලැබෙන බැවින් රජයේ ටෙන්ඩර් කැඳවීමකට ප්‍රතිචාර ලෙස නොව සමාගම්වල යෝජනා ලෙස ම චීන ව්‍යාපෘති ශ්‍රී ලංකාවට පැමිණීම මේ ක්‍රමවේදයට සිදුව ඇත.
ශ්‍රී ලංකාවේ පවතින ජාතික ප්‍රදම්පාදන මාර්ගෝපදේශ අනුව, මෙසේ රජය විසින් මුදල් යොදා කරන යටිතල පහසුකම් සඳහා තරඟකාරී ටෙන්ඩර් කැඳවීමක් නොකර, පෞද්ගලික සමාගම් ඉදිරිපත් කරන යෝජනා ක්‍රියාත්මක කිරීමට, එම සමාගම් වලට ඍජුව කොන්ත්‍රාත් ලබා දීමට තිබු ඉඩ කඩ ඉතා සීමිතය. එසේ කළ හැකි වුයේ අති විශේෂ අවස්ථාවලදී පමණි.
වෙනත් රටවලින් අපනයන සහන ණය ගැනීමට චීනය බාධාවක් වූ නිසා, එම ණය ගැනීම පහසු කිරීමට, මෙවැනි ක්‍රමවේදයක් රජය හඳුන්වා දී ඇති බව මෙම වාර්තාව පෙන්වා දෙයි.
මෙසේ තරඟකාරී ටෙන්ඩර් පටිපාටියෙන් බැහැර වීම නිසා රටට වඩාත්ම වාසි දායක සහ සාධාරණ පිරිවැයකට ව්‍යාපෘතිය කල හැකි සමාගමක් තෝරා ගැනීමට රජයට ඇති හැකියාව අඩු වීම හෝ අහිමිවීම සිදුවෙයි. එසේම මෙවැනි පෞද්හලිකව ඉදිරිපත් කරන යෝජනා හරහා ව්‍යාපෘති කිරීමේදී දුෂණ, වංචා සිදුවීමට ඇති හැකියාව වැඩි වේ. එනිසාම මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී සිදුවන අවාසි වළකා ගැනීමට නම් ඉතා හොඳ රෙගුලාසි පද්ධතියක් තිබීමත්, ඒවා විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක වීමත් වැදගත්ය.
එහෙත් මෙම වාර්තාව පෙන්වා දෙන්නේ රජය 2010 හඳුන්වා දුන් 2016 දක්වා ක්‍රියාත්මක වූ මෙම ක්‍රමවේදය ඉතා ලිහිල් ක්‍රමවේදයක් වන අතර, එය ක්‍රියාත්මක කිරීමේ දී අදාළ නිලධාරීන්ට සිය අභිමතය අනුව කටයුතු කිරීමට ඇති ඉඩ කඩ ඉතා වැඩි බවයි. එනිසාම මෙවන් දුර්වල ක්‍රමවේදයන් හරහා ව්‍යපෘති අනුමත කිරීමේ දී අක්‍රමිකතා, වංචා දුෂණ සිදු වීමට ඇති ඉඩ කඩ වැඩි බව වෙරිටේ රිසර්ච් වාර්තාව පේනවා දෙයි.
මෙම ක්‍රමවේදය හරහා ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියක් උදාහරහයක් ලෙස ගනිමින් ප්‍රයෝගිකව මෙම ක්‍රමයේ දුර්වලතා නිසා රටට වූ අවාසි එමගින් හෙළිදරව් කර ඇත. වෙරිටේ රිසර්ච් ආයතනය ඒ සඳහා යොදාගෙන තිබෙන්නේ ඉහත ස්ථාවර කැබිනට් සමාලෝචන කමිටුව යටතේ අනුමත කර ඇති ව්‍යාපෘතියක් වන ගම්පහ, අත්තනගල්ල- මිනුවන්ගොඩ ජල සම්පාදන ව්‍යාපෘතියයි.
නොකැඳවූ යෝජනාවක් ලෙස ඉදිරිපත්ව තිබෙන මෙම ව්‍යාපෘතිය එසේ ඉදිරිපත් කර තිබෙන්නේ චයිනා මැෂිනරි ඉංජිනියරින්ග් කොර්පරේෂන් ආයතනයයි. ජල ව්‍යාපෘති සම්බන්ධයෙන් අඩු පළපුරුද්දක් ඇති මෙම ආයතනයට ම ව්‍යාපෘති කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර තිබෙන අතර, එසේ ප්‍රදානය කර තිබෙන්නේ තරඟකාරී ලංසු තැබීමකින් ද, තොරවය.
තවද, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා වන ශක්‍යතා අධ්‍යනය සිදුකර තිබෙන්නේ සහ පාරිසරික ඇගයීම් වාර්තාව සකස් කර තිබෙන්නේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කොන්ත්‍රාත්තුව ද, අත්සන් කිරීමෙන් පසුවය.
ව්‍යාපෘතිය සදහා වැය ඇස්තමේන්තුව ඩොලර් මිලියන 172ක් වුවත්, ඊට 33%කට වඩා වැඩි අගයක කොන්ත්‍රාත්තුවකට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා අත්සන් තබා තිබෙණ අතර, එවකට රජයේ අරමුණව ඇත්තේ චීනයේ EXIM බැංකුවෙන් සහන ණයක් ලබාගැනීමයි. නමුත් එය සාර්ථක වී නැත. අවසානයේ සිදුව ඇත්තේ චීනයේ ම චීන සංවර්ධන බැංකුවෙන් (CDB) අඩු සහනයට ලබාගත් ණයක් ආධාරයෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමයි. මෙම ණය ලැබී තිබෙන්නේ ද, ඉහත සදහන් කළ ව්‍යාපෘති කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමෙන් වසර 3කට පසුවය.
වාර්තාවේ විශ්ලේෂණය මගින් අක්‍රමිකතා හඳුනා ගැනීම සහ වැළැක්වීම සඳහා පවතින අධීක්ෂණ ක්‍රියාවලීන්හි ඇති දුර්වලතා අනාවරණය වේ. ව්‍යාපෘතියට අදාළ මූල්‍ය සහ වෙනත් අක්‍රමිකතා පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිතර වාර්තා කළ ද, ඒ හේතුවෙන් අදාළ පුද්ගලයන්ට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගත් බවට කිසිදු සාක්ෂියක් නැත. මෙවැනි ගැටළු නැවත ඇති වීමට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ මෙම වගවීම නොමැතිකමයි. දුර්වල සහ අකාර්යක්ෂම අධීක්‍ෂණය නිසා නියමිත ක්‍රියාවලිය මඟ හැරීමේ විපාක, හසුවීමේ අවදානමට වඩා බෙහෙවින් වැඩි බව වෙරිටේ රිසර්ච් වාර්තාව පෙන්වා දෙයි.
සාමාන්‍ය තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව පොදු අරමුදල් සහිත ව්‍යාපෘති සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට ඉඩ සලසන ලිහිල් නියාමන රාමුවක් නිර්මාණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අභිමතය පරිදි බලය සීමා කිරීමේ වැදගත්කම වාර්තාවෙන් පෙන්වා දේ. තවද, එවැනි අක්‍රමිකතා වැලැක්වීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ස්වාධීන අධීක්‍ෂණය ශක්තිමත් කිරීමේ වැදගත්කම සහ නියමිත ක්‍රියාවලිය මගහරින පුද්ගලයන්ට සහ සමාගම්වලට දඬුවම් කිරීමට ක්‍රමවේදයන් සකස් කිරීමේ වැදගත්කම ද, එයින් වැඩිදුරටත් පෙන්වා දේ.
මෙම සබැඳිය හරහා සම්පූර්ණ වාර්තාවට ප්‍රවේශ විය හැක:
https://www.veriteresearch.org/publication/the-lure-of-chinese-loans/