spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාවේ සෑම පැය 02කට වරක් දරුවකු අපයෝජනය වෙයි

පුවත්

විදෙස්

පසුගිය මාස 24 දී දරුවන් 17 දෙනකු අපයෝජනය හෝ අතවරයට ලක්කර ඝාතනය කර ඇතැයි විශේෂඥ වෛද්‍ය තුෂ් වික්‍රමනායක පවසයි.

ඇය මේ බව කියා සිටියේ අනුරාධපුරයේ වික්‍රමශීලා ධර්මායතනයේ වලිසංහ හරිශ්චන්ද්‍ර දහම් පාසලේ සිසු සිසුවියන් සහ දෙමාපියන් අමතා “ළමා අයිතිවාසිකම් සහ වගකීම්” පිළිබඳ දේශනයක් පවත්වමිනි.

ඇය පවසන්නේ ශ්‍රී ලංකාවේ සෑම පැය 02කට වරක්ම ගැහැනු ළමයකු හෝ පිරිමි ළමයකු ලිංගික අතවරයට ලක්වන බවයි. සෑම දිනකට ම අවම වශයෙන් දරුවන් 20ක් පමණ ලිංගික අතවරයට ලක්වන රටක අප ජීවත්වන බව ද ඇය පෙන්වා දුන්නාය.

එබැවින් දරුවන් ආරක්ෂා කිරීමේ වගකීම වැඩිපුර ම ඇත්තේ දෙමාපියන්ට බවත්, එය නීති රෙගුලාසි මගින් කළ හැකි දෙයක් නොවන බවත් විශේෂඥ වෛද්‍යවරිය පවසයි.

ඇය වැඩිදුරටත් මෙසේ ද කීවාය.

“දරුවන්ට සිදුවන අපරාධ හෝ හිංසා වැළැක්වීම කිසිම රජයකට, පුද්ගලයකුට, ආගමකට, සංවිධානයකට නොහැකි වී තිබෙනවා. ඒ නිසා අපි අපේ ළමයින් ආරක්ෂා කරගත යුතුයි. පසුගිය වසර 02ක කාලයේ දී දරුවන් 17 දෙනෙක් අපයෝජනය හෝ ලිංගික අතවරයට ලක්ව ඝාතනයට ලක්වුණා. ඔවුන් ඒ අපරාධවලට ගොදුරුවුණේ තමන් විශ්වාස කරන තමන් ආරක්ෂා කළ යුතු මව්පියන්, ඥාතීන් සහ අසල්වැසියන් සමඟ සිටිය දී. එයින්ම පේනවා දරුවන් කොතරම් අනාරක්ෂිත ද කියලා. තමන්ගේ දරුවා ආරක්ෂා කරගැනීමේ හැකියාවත්, වගකීමත් තියෙන්නේ දෙමාපියන්ට පමණයි. දරුවන්ගේ ආරක්ෂාව නැතිවන ප්‍රධාන කාරණයක් තමයි ශාරීරික දඬුවම් කිරීම. සාමාන්‍යයෙන් ළමා අයිතිවාසිකම් කඩවන ප්‍රධාන කරුණු හතරක් තියෙනවා. ශාරීරික අපයෝජනය, ලිංගික අපයෝජන, මානසික අප‍ොය්ජන සහ නොසළකා හැරීම යන කාරණා ඒ අතර වෙනවා. ලෝකයේ වගේ ම ශ්‍රී ලංකාවේත් වැඩිපුරම සිදුවන අපයෝජනය තමයි ශාරීරික අප‍ොය්ජනය.”

දරුවන්ට සිදුවන සියලු හිරිහැර පිළිබඳ ජාතික ළමා ආරක්ෂණ  අධිකාරියේ 1929 දුරකථන අංකයට වහාම දැනුම් දෙන ලෙස ද ඇය කියා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!