කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ ගනුදෙනු 11,366 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,331 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 29ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,322ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- කොමර්ෂල් බැංකු රුපියල් මිලියන 1,085
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 557
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 139
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- කොමර්ෂල් බැංකුව කොටස් මිලියන 21
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 7.5
- එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 7.3
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- මයිලෑන්ඩ් සමාගම 15%
- සිංගර් ඉන්ඩස්ට්‍රීස් සමාගම 13%
- කුඩා තේ වතු සමාගම 13%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 3.4ක් රුපියල් 140.00 බැගින්
- කොමර්ෂල් බැංකු කොටස් මිලියන 40.8ක් රුපියල් 50.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 297
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 185
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 38ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 1,174ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 1,136ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 17
- ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 14
- ඩයලොග් සමාගම රුපියල් මිලියන 01
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 1,021
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 140
- යුනියන් බැංකුව රුපියල් මිලියන 07
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ