සීනි බදු අඩු කිරිමෙන් රජයට සිදුව ඇතැයි කියන රුපියල් බිලියන 16ක පාඩුව පිරිමසා ගැනීම සඳහා එලෙස අහිමි වූ බදු යළි අයකරගැනීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද (09) පාර්ලිමේන්තුවේ දී කීවේය.
ඒ අනුව අමාත්‍යවරය ාපවසන්නේ දැනට පවතින නීතයි යටතේ එම මුදලෙන් 24ක් ආදායම් දු ලෙස නැවත අයකරගැනීමට හැකියාව ඇති බවයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ වාර්තාවක් පදනම් කරගෙන දේශීය ආදායම් කොමසාරිස්වරයා සැකසූ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි. සීනි බදු අඩු කිරීමෙන් රජයට සිදුව ඇති පාඩුව සම්බන්ධයෙන් මෙම වාර්තාව සකස් කර තිබේ.
2020 වසරේ ඔක්තෝබර් මස 14 වැනි දින සිට මාස තුනක කාලයක් ක්‍රියාත්මක වන පරිදි ආනයනික සීනි කිලෝ ග්‍රෑම් එකක් මත පනවා තිබූ රුපියල් 50ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පැවැති මිල ඉහළ යාමේ තත්ත්වය පාලනය කිරීම සඳහා ශත 25 දක්වා පහත දැමිණි. එහෙත් අදාළ බදු අඩු කිරීමේ වාසිය ජනතාවට ලබානොදී ආනයනකරුවන් අත තබා ගැනීමෙන් රජය කැපකළ ආදායම රුපියල් කෝටි 1776ක් ලෙස ගණන් බලා ඇත.
ජනාතවට එම සහනය ලබා නොදී අධික ලාභ ලැබූ සමාගම් 10ක් හඳුනාගෙන ඇති අතර එක් සමාගමක් එම මාස 03 දී ආනයනය කර තිබූ සමස්ත සීනි ප්‍රමාණයෙන් 45%ක් ආනයනය කර තිබීම ද විශේෂත්වයකි. විගණකාධිපති වාර්තාවේ දැක්වෙන පරිදි 2021 වර්ෂයේ අදාල එයට සමාගාමී කාලයේ දී ආනයනය කළ සීනි ප්‍රමාණයට වඩා 1220%ක් එම සමාගම පමණක් සීනි ආනයනය කර තිබේ.
දේශීය ආදායම් කොමසාරිස්වරයාට ඇති බලතල ප්‍රකාරව අදාළ බදු අයකර ගැනීමේ කටයුතු සිදු කිරීමට අපේක්ෂිත බවත් ඊට අවශ්‍ය සියලු සහයෝගය ලබාදීමට රජය සූදානම් බවත් අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී කීවේය. ඔහු පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඊට අවශ්‍ය සහයෝගය ඉල්ලා සිටියේය.