හොරණ මිල්ලනිය කණිෂ්ඨ විදයාලේය 05 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනකුට පොලිසිය විසින් අමානුෂික ලෙස පහරදී රැගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
විදුහල්පතිවරයාගේ දැනුම්දීමකට අනුව පොලිසිය පාසලට පැමිණ ඇත. ඉන් පසු එම සිසුන් තිදෙනා මාංචු යොදා පාසලින් පිටතට ගෙන ගොස් දණ ගස්වා යටි පතුල්වලට පහර දී විදුලිය වැදීමට සළස්වන ලදැයි ද වාර්තා වේ.
ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ පවසන්නේ පසුගිය 02 වැනි දා මේ සිද්ධිය වූ බවයි.
පොලිසිය කරන ලද එම අමානුෂික පහරදීමෙන් තුවාල ලැබූ දරුවෝ දෙදෙනකු රෝහල් ගත කර ඇත. ඉන් එක් සිසුවකුගේ ශරීරයේ පිලිස්සුම් තුවාල කිහිපයක්ම ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා පවසයි.
පාසලේ ගුරුවරියකගේ මුදල් පසුම්බියක් නැතිවී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම විදුහලේ පස්වැනි වසරේ දරුවන් දොළොස් දෙනකු විදුහල්පතිවරයා සහ ගුරුවරුන් කිහිප දෙනකු විදුහලේ පුස්තකාල කාමරයේ රඳවා සිද්ධිය ගැන විමසමින් පහරදී ඇති බවත් එසේ පහර දීමෙන් අනතුරුව විදුහල්පතිවරයා මිල්ලනිය පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතනයෙන් කතාකිරීමෙන් පසුව පොලිස් ජීප් රථයකින් එහි පැමිණි නිලධාරීන් තිදෙනකු ඉන් දරුවන් තිදෙනකු එම රථයේ නංවාගෙන විදුහලෙන් පිටතට රැගෙන ගොස් ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
පොලීසිය පැවසුවේ සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මූලික පරීක්ෂණයක් පාර්ශ්වයෙන් ක්‍රියාත්මක බවය.
පහරකෑමට ලක්වූ සිසුවෙක් මෙසේ පවසයි.
“විද්‍යා මිස් කතා කරලා ඇහුවා කවුද බෝතල්වලට චූ කළේ, පර්ස් ගත්තේ කියලා. අපි කිව්වා අපි ගත්තේ නැහැ කියලා. මේගොල්ලෝ තමයි ගත්තේ කියලා, ඊට පස්සේ විද්‍යා මිස් ගැහුවා. ඊට පස්සේ අපිට මැඩම් කතා කළා. මැඩම් කතා කරලා දණ ගැස්සුවා. පස්සේ ඇත්ත කියන්න කියලා ගහපු පාර ළමයෙක්ගේ ඔළුව වැදුණා අල්මාරියේ. අල්මාරියේ වැදුණට පස්සේ එයගේ ඔලුව තුවාල වුණා.”
අනතුරුව විදුහල්පතිනිය මිල්ලනිය පොලීසියට මේ පිළිබඳව දැනුම්දී පොලිස් නිලධාරීන් පිරිසක් පාසලට කැඳවා තිබුණි.
පහරකෑමට ලක්වූ සිසුවෙක්,
“පොලීසිය ඇවිත් අපිට ගැහුවා. පොලීසිය ඊට පස්සේ දණ ගස්සලා කූඩැල්ලෝ එහෙම දාලා කරන්ට් එක වද්දලා. ගහලා ජීප් එකේ මාංචු දාලා එක්කන් ගිහිල්ලා, දණ ගස්සලා කරන්ට් වැද්දුවා ආයේ. එක ළමයෙක්ගේ කකුලේ තුවාලයක් තිබිලා හම ගිහින් ලේ ආවා එයාගේ.”
ප්රශ්නය – ඔයාටත් ගැහුව ද ?
“ඔව්..”
ප්රශ්නය – කොහෙමද ගැහුවේ ?
“බැටන් පොල්ලෙන් ගැහුවා”
ප්රශ්නය – කොහෙටද ගැහුවේ ?
“යටිපතුලට. දෙවනි පාරට ගහද්දි ඔළුවට වැදුණේ.”
ප්රශ්නය – ජීප් එකේ ගෙනිච්චේ කොහොමද පුතේ ?
“ජීප් එකේ ගෙනිච්චේ පොලිස් මාමලා තුන්දෙනෙක්”
ප්රශ්නය – ජීප් එකේ යනකොටත් ගැහුවද ?
“ඔව්…”
ප්රශ්නය – පොලීසියට අරගෙන ගියාද ?
“නැහැ බැල්ලන්තුඩාව පැත්තෙත් දාගෙන ආයේ හරවගෙන ආවා..”
ප්රශ්නය – මොනවා කියලද ගැහුවේ?
“කුණුහරුපෙන් කිය කිය ගැහුවේ.. කරන්ට් එක අල්ලනවා කිව්වා ඇත්ත කියන්න කිව්වා. පොලීසියෙන් තමයි කරන්ට එක ඇල්ලුවේ.”
පහරකෑමෙන් තුවාල ලැබූ දරුවන් හොරණ මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති අතර එක් දරුවකුට එහි නේවාසිකව ප්‍රතිකාර ගැනීමට ද සිදුව තිබුණි.
වදපු අම්ම අප්පටත් සාප වෙනව යකෝ කාලකන්නි අමනුස්සයෝ ගෞරවනීය රාජ්‍ය සේවයක් විදිහට සලකන පොලීසියෙත් දෙවියන් පවා ගරු කරන ගුරු වුර්තියත් හැල්ලුවටලක්කරන පාදඩ සක්කිලි අවලම් හැත්ත. තොපේ දරුවන්ගෙ දරුවෙක්ටවත් හරියයිද. අමනුස්සයෝ…