spot_img
spot_imgspot_img

ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජය ගනී

පුවත්

විදෙස්

ලෝක කුසලාන විස්සයි 20 තරඟාවලියේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය සමඟ බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩංගණයේ අද (01) පැවැති තරඟයෙන් කඩුලු 06ක ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූහ.

කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව පන්දුවට පහරදීමට තීරනය කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 144ක් රැස්කර අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.3ක දී කඩුලු 04ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගැනීමට සමත්විය.

ඒ අනුව ප්‍රසාද ලකුණු 02ක් හිමිකරගත් ශ්‍රී ලංකා  කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ 03 වැනි ස්ථානය හිමිව තිබේ.

ඇෆ්ගනිස්තාන ඉනිමේ අවසන් පන්දුවාරය වනිදු හසරංග එම පන්දුවාරයේ දී කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වූයේ ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු 03 ක් පමණක් දෛමිනි. වනිඳුගේ පන්දු යැවීම ලකුණු 13 කට කඩුලු 3 ක් ලෙසින් සටහන් කර ගනු ලැබුවේ සිය ප්දුවාර 4 දී එකම වරක් හෝ ප්‍රතිවාදීන්ට හතරේ පහරක් එල්ල කිරීමට ඉඩ නොදෙමිනි. මේ දක්ෂතාව නිසාම ඔහු තරඟයේ වීරයා ලෙස නම් කෙරිණි. මේ දක්වා ඔහු තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා ද වෙයි.

ඇෆ්ගනිස්තානු ඉනිමේ වැඩිම ලකුනු ලාභියා බවට පත්වූයේ රාමනුල්ලා ගුර්බාස් වන අතර ඔහු 24 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමඟ ලකුණු 28 ක් ලබා ගත්තේය. අද දිනයේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතින් රැකගත හැකි උඩ පන්දු ගිලිහී ගිය අතර එක් ලකුණක් තිබූ පහරවල් දුර්වල පන්දු රැකීම හමුවේ ලකුණු දෙකක් බවට පත්කිරගැනීමට ඇෆ්ගන් ක්‍රීඩකයෝ සමත්වන ආකාරයත් දක්නට ලැබිණි.

ශ්‍රී ලංකා ඉනිමේ බර කරට ගත් ධනංජය ද සිල්වා පන්දු 42ක දී හතරේ පහර 06ක් සහ හයේ පහර 02ක් සමඟින් නොදැවී ලකුණු 66ක් ලබා ගත්තේය.

දෙවැනි පන්දුවාරයේදී පැතුම් නිස්සංක දැවී යෑමත් සමඟ පිටියට පිවිසි ධනංජය ද සිල්වා කුසල් මෙන්ඩිස් සමඟ එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 36 ක් ද තුන්වැනි කඩුල්ල සඳහා චරිත් අසලංක සමඟ එක් වී පන්දු 34 කදී ලකුණු 54 ක්ද භානුක රාජපක්ෂ සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී ලකුනු 42 ක්ද එක් කරමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය වෙත රැගෙන යාමට සමත්විය.

ඇෆ්ගනිස්තානය පන්දුවාර 20 කදී කඩුලු 8 කට ලකුණු 144 යි – (රාමනුල්ලා ගුර්බාස් 28, උස්මාන් ඝානි 27, ඊබ්‍රහිම් සද්‍රාන් 22, නජිබුල්ලා සද්‍රාන් 18, ගුගුල්බාදින් ලයිබ් 12, මොහොමඩ් නබී 13, වනිඳු හසරංග 13/3, ළහිරු කුමාර 30/2)

ශ්‍රී ලංකාව පන්දුවාර 18.3 කදී කඩුලු 4 ට ලකුනු 148 යි – (ධනංජය ද සිල්වා (නොදැවී) 66, කුසල් මෙන්ඩිස් 25, පැතුම් නිස්සංක 10, චරිත් අසලංක 19, භානුක රාජපක්ෂ 18, මුජීබ් උර් රෙහ්මාන් 24/2, රශීඩ් ඛාන් 31/2)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!