කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 25,396ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,572ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 295ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,148 ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 536
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 252
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 237
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 10
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 7.9
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 5.9
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 33%
- සීඅයිටී සමාගම 24%
- රෝයල් ෆාර්ම් බීච් හෝටලය 22%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- සීඅයිසී සමාගම කොටස් ලක්ෂ 05ක් රුපියල් 95.00 බැගින්
- කොමර්ෂල් බැංකුව කොටස් 519,000ක් රුපියල් 51.00 බැගින්
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 1.39ක් රුපියල් 130.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 327
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 204
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 180
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 278ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 20ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 258ක මුදලක් කොටස් වෙළෙඳ පොළට එකතු කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 181
- සීඅයිසී සමාගම රුපියල් මිලියන 64
- කෙවරෝන් ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 4.8
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 2.5
- එච්එන්බී බැංකුව රුපියල් මිලියන 2.4
- හේලීස් ෆැබ්රික් සමාගම රුපියල් මිලියන 1.3
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ