සිසුන් තිදෙනකුට රොහල් ගතවීමට සිදුවන ආකාරයේ තුවලා සිදුකරමින් රිච්මන්ඩ් විද්‍යාලයේ දී ගැටුමක් ඇතිකරගත් බවට සැකකරන සිසුන් 04 දෙනකු අත්අඩංගුවට ගත් බව ගාල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
පසුගිිය සඳුදා (03) මෙම ගැටුම ඇති වී තිබූ අතර ඊට හේතුවූයේ වරින් වර අවස්ථා කිහිපයක දී ම සිසුන් අතර ඇති වූ ගැටුම් සහ 30 වැනි දා සිසුන් දෙපිරිසක් අතර සිදුවූ පහර දීමකි.
සඳුදා ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් තිදෙනකු පාසලේ වෑන් රථයෙන් කරාපිටිය රෝහලට ගෙන ගිය අතර දෙදෙනකුගේ හිසට සිදු වූ තුවාල සහ අනෙක් සිසුවාගේ නාසයට සිදුවූ තුවාල හේතුවෙන් ඔවුන් රෝහල්ගත කර ගැණිනි.
ඉන් පසු පොලිසිය තුවාල ලැබූ සිසුන්ගෙන්, විදුහල්පතිවරයා ඇතුළු පාසල් ප්‍රජාවගෙන් සහ සිද්ධිය දුටු බවට කියන පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව ඊයේ (05) සිසුන් සිවු දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.
මේ වනවිට ඔවුන් ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ රඳවා ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටියි.
විද්‍යාලයේ විදුහල්පතිවරයා ද පොලිසියට ගොස් සිටින අතර ගැටුම් ඇතිකරගත් සිසුන් දෙපිරිස සහ ඔවුන්ගේ දෙමාපියන් සමඟ සාකච්ඡා කරමින් මෙම සිද්ධිය අධිකරණයට ඉදිරිපත් නොකර සමාදාන කරගැනීමට විදුහලේ ආදි සිසුන් ඇතුළු විශාල පිරිසක් උත්සාහ ගන්නා බව ද පොලිසිය පවසයි.