කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 29,550 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,498 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 07ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,951 ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 364
- එක්ස් පැක් සමාගම රුපියල් මිලියන 363
- ලංකා වෝල්ටයිල් සමාගම රුපියල් මිලියන 239
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 67
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 28
- එක්ස් පැක් සමාගම කොටස් මිලියන 21
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- එස්එන්බී ලීසිං සමාගම (X) 33%
- එස්එන්බී ලීසිං සමාගම 22%
- නේෂන් ලංකා සමාගම 16%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 20ක් රුපියල් 8.40 බැගින්
- සීඅයිසී සමාගම කොටස් ලක්ෂ 06ක් රුපියල් 85.00 බැගින්
- ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම කොටස් 567,000ක් රුපියල් 138.00 බැගින්
- ලංකා වෝල්ටයිල් සමාගම කොටස් ලක්ෂ 05ක් රුපියල් 82.50 බැගින්
- එක්ස් පැක් සමාගම කොටස් ලක්ෂ 37ක් රුපියල් 17.00 බැගින්
- ලංකා අයිඕසී සමාගම කොටස් ලක්ෂ 03ක් රුපියල් 283.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 428
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 237
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 191
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 139ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 94ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 45ක මුදලක් කොටස් වෙළෙඳ පොළට එකතු කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 79
- සීඅයිසී සමාගම රුපියල් මිලියන 16
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 14
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ලංකා වෝල් ටයිල් සමාගම රුපියල් මිලියන 74
- රේණුක ෆුඩ්ස් සමාගම රුපියල් මිලියන 03
- ලංකා හොස්පිට්ල් සමාගම රුපියල් මිලියන 02
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ