spot_img
spot_imgspot_img

ගින්නෙන් නිවාස 80ක් විනාශයි 220කට උන්හිටි තැන් අහිමි වෙයි

පුවත්

විදෙස්

තොටළඟ කජීමාවත්තේ ඊයේ (27) රාත්‍රී හටගත් ගින්නෙන් නිවාස 80කට හානි සිදු වී පුද්ගලයන් 220 දෙනකු අවතැන් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

එලෙස අවතැන් වූ පිරිස් මේ වනවිට කැලනි නදී විහාරයේ සහ මුවදොර උයන ප්‍රජා ශාලාවේ සිටින අතර ඔවුන්ට අවශ්‍ය ආධාර සැපයීමේ කටයුතු සිදුකෙරෙමින් පවතී.

පොලිසිය පවසන්නේ ගින්නෙන් කිසිවෙකුට තුවාල සිදුව නැති බවයි.

ඊයේ රාත්‍රී 7.30 පසු වී හටගත් මේ ගින්න වේගයෙන් පැතිරගිය අතර එය නිවීම සඳහා ගිනි නිවන දෙපාර්තමේන්තුවේ රථ 12ක් ම යෙදවීමට සිදුව තිබිණි. මාර්ගයේ පටුබව හේතුවෙන් එම රථවලට ගිනිගන්නා නිවාසවෙත ළඟාවීමට ඇති වූ අපහසුතාවක ද ගින්න නිවීමට ප්‍රමාදවීමට හේතු වූ බව ප්‍රදේශවාසීන් පවසයි. කැලණි ‍ගඟේ ජලය බවුසර් සහ ටැංකිවලට පුරවා ගෙනවිත් ප්‍රදේශවාසී විශාල පිරිසක් මේ ගින්න නිවීමට දායක වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!