කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (24) දිනයේ ගනුදෙනු 28,975 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,864 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 17ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,961 ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 2,649
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 676
- ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 538
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 11
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 07
- හෙළ ඇපරල් සමාගම කොටස් මිලියන 06
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- අමානා ලයිෆ් සමාගම 15%
- ටී ස්මෝල් හෝල්ඩර් සමාගම 14%
- හපුගස්තැන්න වැවිලි සමාගම 14%
සංවෘතකවය තුළ සිදුවූ ගනුදෙනු
- එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 10ක් රුපියල් 228.00 බැගින්
- කොමර්ෂල් බැංකුව කොටස් 500,000ක් රුපියල් 55.00 බැගින්
- සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම කොටස් ලක්ෂ 09ක් රුපියල් 69.00 බැගින්
- හෙළ ඇපරල් සමාගම කොටස් මිලියන 03ක් රුපියල් 12.40 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 439
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 239
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 191
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 2,379ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 326ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 2,053ක මුදලක් කොටස් වෙළෙඳ පොළට එකතු කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 2,336
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 07
- සීඅයිසී සමාගම රුපියල් මිලියන 06
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 275
- ලංකා වෝල් ටයිල් සමාගම රුපියල් මිලියන 15
- හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 09
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ