spot_img
spot_imgspot_img

රාජ්‍ය සේවකයන්ගේ ඇඳුම වෙනස් වෙයි

පුවත්

විදෙස්

රාජ්‍ය සේවකයන්ට තමන්ට පහසු ඇඳුමකින් සැරසී රාජකාරී සඳහා පැමිණිය හැකි ආකාරයේ උපදෙස් මාලාවක් නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙබ්.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගැනීමට යයි. රාජ්‍ය සේවකයන්ට තම කාර්යාල කටයුතුවලට සුදුසු සහ පහසු ඇඳුමක් ඇඳීමට එමගින් අවසර හිමිවන බව වාර්තා වෙයි. ඒ සම්බන්ධ අධ්‍යයනයක් ද මේ දිනවල සිදුවෙමින් පවතින බව දැනගන්නට ඇත.

කොරෝනා වසංගතය පවතින කාලයේ දී ද මාණ්ඩලික නිලධාරීන්ට සහ අනිකුත් රාජ්‍ය සේවකයන්ට පහසු ඇඳුමක් ඇඳගෙන රාජකාරී සඳහා පැමිණීමට අවස්ථාව දී තිබිණි. පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඇඳුම්වල මිල අධිකවීම සහ සේදීමට වැය වන මුදල් ද සැළකිල්ලට ගනිමින් මෙවැනි තීරණයක් ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!