කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 35,643 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,620 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 12ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,913 ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,209
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 804
- ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 313
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 11
- එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 08
- ඒසියා සියාකා සමාගම කොටස් මිලියන 05
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ලංකා ආශෝක් ලේලන්ඩ් සමාගම 21%
- රේඩියන්ට් ජෙම්ස් සමාගම 18%
- ප්‍රින්ට් කෙයාර් සමාගම 14%
සංවෘතකවය තුළ සිදුවූ ගනුදෙනු
- ලංකා අයිඕසී සමාගම කොටස් 250,000ක් රුපියල් 282.00 බැගින්
- සීඅයිසී සමාගම කොටස් 750,000ක් රුපියල් 90.00 බැගින්
- එක්ස්පෝ ලංකා සමාගමේ කොටස් මිලියන 4.2ක් රුපියල් 228.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 442
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 240
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 199
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 1,039 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 49ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 990ක මුදලක් කොටස් වෙළෙඳ පොළට එකතු කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 968
- කොටගල වැවිලි සමාගම රුපියල් මිලියන 07
- සීඅයිසී සමාගම රුපියල් මිලියන 05
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- සීඅයිසී සමාගම (X) රුපියල් මිලියන 3.3
- ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 3.2
- පෝර්ට් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 2.8
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ