බැසිල් අද පාර්ලිමේන්තු යයි ද ?

0
101

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම්දීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. අද (03) පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේ දී මෙය සිදුවනු ඇතැයි සඳහන් වුව ද තතුදත් පුද්ගලයන් පවසන්නේ එය මෙම සතිය ඇතුළත සිදුවන බවයි.

හිටපු ආමාත්‍යවරයකු වන බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ ද පුරවැසියකු බැවින් පසුගිය මහ මැතිවරණයට ඔහු ඉදිරිපත් වූයේ නැත. ද්විත්ව පුරවැසියන්ට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූරයක් දැරීමේ අවස්ථාව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අහිමිකර තිබූ අතර පසුගිය දා සම්මත වූ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් දැරීමේ හිමිකම ලැබෙයි.

මේ අනුව දැනට පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වන ජයනත් කැටගොඩ ඉල්ලා අස්වී එම පුරප්පාඩුවට බැසිල් රාජපක්ෂ දිවුරුම් දෙනු ඇතැයි විශ්වාසකටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව ඔහු මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිත බව ද දැනගන්නට ඇත.

මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් අද (03) උදෑසන 10.00 ට ආරම්භවීමට නියමිතය. කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් මේ සතියේ පාර්ලිමේන්තුව එක් දිනකට පමණක් සීමා කිරීමට පසුගිය දා පැවැති පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබේ.

යළිත් නොවැම්බර් 12 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව කැඳවීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආරාධිත නිලධාරින්, සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට පාර්ලිමේන්තු සංකිර්ණය වෙත ඇතුළු වීමට අවස්ථාව නොලැබෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන ්කරයි. මාධ්‍යවේදීන්ට ද අද (03) පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීම සඳහා අවස්ථාව ලබා නොදීමට තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here