ගාල්ලෙන් ආසාදිතයන් රැසක්. තොරතුරු මොහොතකින්.

0
819

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ (02) දිනයේ කොරෝනා ආසාදිතයන් 10ක් වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වේ. ඊයේ රාත්‍රීවනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් 275ක පදිංචි ප්‍රදේ දක්වන විස්තරවල මේ බව සටහන්ව ඇත.

එම ලේඛනයේ දැක්වෙන්නේ රෝගීන් 09ක් ගාල්ලෙන් සහ 01 පුද්ගලයකු හික්කඩුවෙන් වාර්තාවන බවයි. වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ තමන් රෝගීන් පිළිබඳ දත්ත ලබාදෙන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් බැවින් මෙලෙස සඳහන් කර ඇති බවයි.

මේ අතර ගාල්ලේ ස්ථාපිත කර ඇති දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරීවරයාගෙන් මේ පිළිබඳ විමසූ විට ඔවුන්ට ගත වූ පැය 24ක කාලයේ දී ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව නිල වශයෙන් කිව හැකිවන්නේ 02ක් පමණක් බව පැවසුවේය. ඔහු කියා සිටියේ මෙම ආසාදිතයන් දෙදෙනා ඊයේ (02) සවස 4.00ට අවසන් වූ පැය 24ක කාලයට අදාල බවයි. ඔවුන් දෙදෙනාම බලපිටිය කටුවිල මළ ගෙදරට සහභාගී වූ අයගේ ආශ්‍රිතයන් වීම හේතුවෙන් නිරෝධායනය වෙමින් සිටි අය බව ද තහවුරු කළේය.

හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කරන ලද පීසීආර් පරීක්ෂණ 26ක් අතරින් 05 දෙනකු ආසාදනය වී ඇති බවට ඊයේ (02) රාත්‍රී අප වෙත තොරතුරු ලැබිණි. එම තොරතුරු ද තහවුරු කරගත හැකිවිය.

මේ අනුව කොළඹ වසංගත විද්‍යා ඒකකය රෝගීන් ගාල්ලේ රෝගීන් 10 දෙනකු ගැන පවසද්දී දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ රෝගීන් දෙදෙනකු ගැන පමණි. හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ආසාදියන් 05 දෙනකු සිටින බව ද ස්ථිරය.

කෙසේ වෙතත් ස්ථාන කිහිපයකින් ලැබෙන මේ තොරතුරු නිවැරදිව ලේඛන ගත කර නැවත ඒ තොරතුරු තහවුරු කරගැනීමෙන් පසු ගාල්ල දිස්ත්‍රික්කයෙන් මේ වනවිට වාර්තාවන නව රෝගීන් පිළිබඳ ලේඛනයක් ඔබ වෙත කඩිනමින් ඉදිරිපත් කිරීමට rata.lk අප කටයුතු කරමින් සිටියි.

ඒ සඳහා අප සමඟ දිගටම රැඳී සිටින ලෙස ඉල්ලමු.

(මෙහි පහත දිස්වන සීනු සළකුණ ඔබා අපේ වෙබ් අඩවිය Subscribe කරන්න. එවිට ඔබට තොරතුරු දැමූ සැණින් ලබාගත හැකියි.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here